ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන ලබන නොවැම්බර් මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News
සංගමයේ සභාපති නලින් ධම්මික මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික තීන්දු හා පියවර හේතුවෙන් වෘත්තිය ගැටලු රැසක් මතුව ඇති බවය.
ඒ අනුව, එම ගැටලු විසඳන තුරු සහ අදාළ තීන්දු පිළිබඳ නිසි පියවර නොගන්නා පසු තවදුරටත් අරගල ක්‍රියාමාර්ග අරඹන බවද ඔහු අවධාරණය කළේය.










