• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අධිකරණ විනිසුරුවරුන්ගේ තීන්දු වරදවා නිරූපණය නොකළ යුතුයි’! ‘විනිසුරුවරයකුගේ තීන්දුවකින් සෑම කෙනකුම තෘප්තිමත් කළ නොහැකියි’! ‘විනිසුරුවරයකුගේ ප්‍රධානතම ගුණාංගය, අවංකභාවය හා ස්වාධීනත්වයයි’! ‘යුක්තිය පසිඳලීමේ භාරදූර යුතුකම අපි සාධාරණව ඉටුකරනවා’! ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් පොරොන්දු වෙයි! Sri Lanka Latest News

October 6, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
‘අධිකරණ විනිසුරුවරුන්ගේ තීන්දු වරදවා නිරූපණය නොකළ යුතුයි’! ‘විනිසුරුවරයකුගේ තීන්දුවකින් සෑම කෙනකුම තෘප්තිමත් කළ නොහැකියි’! ‘විනිසුරුවරයකුගේ ප්‍රධානතම ගුණාංගය, අවංකභාවය හා ස්වාධීනත්වයයි’! ‘යුක්තිය පසිඳලීමේ භාරදූර යුතුකම අපි සාධාරණව ඉටුකරනවා’! ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් පොරොන්දු වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘විනිසුරුවරයකු ලෙස යම්කිසි ප්‍රතිඵලයක් සම්බන්ධනේ සෑම කෙනකුම තෘප්තිමත් කළ නොහැකි අතර, කිසි විටෙක එසේ කිරීමටද උත්සාහ නොකළ යුතුය. කෙසේ වෙතත් මම සෑම විටම විශ්වාස කරන්නේ විවෘත මනසකින් යුතුව ඉවසිලිවන්තව විභාගයක් සිදුකිරීම සඳහා මා ඉදිරියේ පෙනීසිටීමට උපදෙස් ලබාදීම යහපත් බවයි. තර්කයට සාවධානව ඇහුම්කම් දීමෙන් මට ලාභයක් ලැබුණු අවස්ථා බොහොමයක් තිබුණා. විනිසුරුවරයකු විසින් අවසාන නිගමනයකට ගෙන ඒම සඳහා ඉදිරිපත් කරන ලද සාක්ෂිවලට ඉඩ දිය යුතු බවත්, පිළිගත නොහැකි හෝ අදාළ නැති නම් මිස ඉදිරිපත් කිරීමට බාධා නොකළ යුතු බවත්, මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන් මම තරයේම විශ්වාස කරමි. මහාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ කාලය තුළ තමාගේ අනුප්‍රාප්තිකයා මුලින් භාරගත් ප්‍රමාණයට වඩා අඩුවෙන් නඩු අත්හැරීමට මම හැම විටම සමත් වුණා. මෙය සාක්ෂාත් කරගැනීම සඳහා තමා සමග සහයෝගයෙන් කටයුතු කළ එම අධිකරණවල සියලු නීතිඥවරුන්ට, රජයේ නීතිඥවරුන්ට සහ කාර්යාල කාර්ය මණ්ඩලයටද මම ස්තුතිවන්ත වෙනවා. විනිශ්චයකාරවරුන්ගේ තීරණ වරදවා නිරූපණය කිරීමට හෝ ඔවුන්ගේම ප්‍රාග් විනිශ්චයන්ට බලපෑම් සිදුකිරීමට කටයුතු කිරීමට හෝ උත්සුක නොවිය යුතු යැයි මම අවධාරණය කර සිටිනවා…’ (Sri Lanka Latest News)

උත්තරීතර මහාධිකරණ ක්‍රියාවලියකට අදාළව මෙසේ අසන්නට ලැබෙන භාරදූර කතාව කුමක්ද? මෙම වතගොත බොහෝ වගකීමක් ඇතිව කියා සිටින්නේ කවරකු විසින්ද? මෙයට දින කිහිපයකට පෙරදී අපට මෙම කතාව අසන්නට ලැබුණේ කොළඹ පිහිටා තිබෙන අභියාචනාධිකරණයෙනි. මෙම සුවිශ්ෂ ප්‍රකාශය සිදුකර සිටියේ අභියාචනාධිකරණයට අලුතින් පත්වී පැමිණි විනිසුරු දමිත් තොටවත්ත මහතා විසිනි. මෙම විනිසුරුවරයා සමග තවත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු පසුගිය 2024 සැප්තැම්බර් 06 දා හිටපු ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලදී. එම විනිසුරුවරුන් හතර දෙනා මෙසේය.

★ හිටපු මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා.
★ හිටපු මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා.
★ හිටපු මහාධිකරණ විනිසුරු කේ.එම්.ජී.එච්. කුලතුංග මහතා.
★ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව මහතා.

අභියාචනාධිකරණයට පත්කරන ලද මෙම විනිසුරුවරුන් සිවුදෙනා පිළිගැනීම සඳහා එම පරිශ්‍රයේදී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබිණි. මුල්න්ම එම උත්සව සභාව අමතමින් විනිසුරු දමිත් තොටවත්ත මහතා තමන්ගේ අදහස් ප්‍රකාශ කර සිටියේය. එහිදී ඔහු තවදුරටත් තමා නීති ක්ෂේත්‍රයට පිවිසීම සිහිපත් කරමින් කියා සිටියේ තමන් නීති ක්ෂේත්‍රයේ වටපිටාවකට අයත් පවුලකින් නොපැමිණි අයකු බවයි. එසේ වුවත් තමන් මීට වසර ගණනාවකට පෙර නීති ප්‍රවේශ විභාගයට පෙනීසිටින විට එය සිදුකළේ බොහෝ කුතුහලයකින් බවද විනිසුරු දමිත් තොටවත්ත මහතා අවධාරණය කළේය. කෙසේ වෙතත් එවක තමන් කරමින් සිටි දෙයට වඩා නීතිය අධ්‍යයනය කිරීම වඩාත් සිත් ගන්නාසුළු බව තමන්ට පෙනීගිය බවද, එහෙයින් ජීවිත කාලය පුරාම එය කාර්යයක් වූ බවද ඔහු කියා සිටියේය.

මෙම විනිසුරුවරුන් පිළිගැනීමේ උත්සවයේදී තවත් කතාවක් සිදුකරමින් හිටපු මහාධිකරණ විනිසුරු කේ.එම්.ජී.එච්. කුලතුංග (ගිහාන් කුලතුංග) මහතා සුවිශේෂ කරුණු කිහිපයක් අවධාරණය කළේය. ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

‘විනිසුරුවරයකුගේ වැදගත්ම ගුණාංගය වන්නේ ඔහුගේ අවංකභාවය සහ ස්වාධීනත්වයයි. නීතියේ ඇති ආධිපත්‍යය පත්වාගෙන යෑමට මේ වැදගත් ගුණාංග දෙකම අත්‍යාවශ්‍ය වෙනවා. ස්වාධීනව ක්‍රියා කරමින් සැමට සමානාත්මතාවයෙන් සැලකීම තමා තුළ ඇති කළේ දිවංගත ජනාධිපති නීතිඥ කේ.එම්.එම්.බී. කුලතුංග මහතා බව මම සිහිපත් කර සිටිනවා. ඔහු හරි හෝ වැරැද්ද හෝ වෙන්කර හඳුනාගත් අතර, එහි අළු පැහැයක් දක්නට තිබුණේ නැහැ. නීතිය සැම විටම එකහා සමානව ක්‍රියාත්මක කළා. එය ඔහුගේම මව හෝ පුතා හෝ වේවා, මිතුරකු හෝ ආගන්තුකයකු හෝ එක සමානව ක්‍රියාත්මක කළා. එහෙයින් එම උතුම් ගුණාංගයන්ට ගරු කරමින් මමද මා වෙත පැවරී ඇති යුක්තිය පසිඳලීමේ භාරදූර යුතුකම සහ වගකීම පිළිබඳ අවධානයෙන් සිටිනවා. මම නිසැකවම අපක්ෂපාතීව, සාධාරණව සහ ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ කරමි. මෙම පරිශීලනයේදී මම ආචාරශීලීව සවන් දිය යුතු බවත්, සන්සුන්ව සලකා බැලිය යුතු බවත්, ඥානවන්තව පිළිතුරු දිය යුතු බවත්, අපක්ෂපාතීව තීරණය කළ යුතු බවත් මම දනිමි. විනිශ්චයකරුවකුට ඔහුගේ හෝ ඇයගේ අවංකභාවය අපක්ෂපාතීව පවත්වා ගැනීමට හැකි වන්නේ ජීවිතයේ විනය, පුරුදු සහ ඉදිරි දැක්මයි. මගේ මතය අනුව විනිසුරුවරයකුf්ග කාර්යයේ ප්‍රධානතම අරමුණ වන්නේ පරිපාලනය කරමින් යුක්තිය ඉටුකිරීමයි. මම වසර 30ක් රාජ්‍ය සේවයට සහ අධිකරණයට සේවය කර ඇති අතර, ඉන් වසර 12ක් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබෙනවා. අධිකරණයේ අඛණ්ඩතාව, අවංකභාවය හා ස්වාධීනත්වය පවත්වා ගැනීම මගේ පරමාර්ථයයි…’
මෙලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිවුදෙනා පිළිගැනීමේ උත්සව සභාව අමතමින් නීතිපති පාරින්ද රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ යුක්තිය පසිඳලීමේ කාර්යභාරය ඉතා වැදගත්, භාරදූර මෙහෙවරක් බවයි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවට පැවරී ඇති කාර්යභාරයෙහි වැදගත්කමද අවධාරණය කළේය. ඔහු මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය.

‘අධිකරණයට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට පැවරී ඇත්තේ ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යමින් සහ කාර්යක්ෂම හා ඵලදායී යුක්තිය පසිඳලීිමක් සහතික කරමින් තම කාර්යභාරය ඉටුකිරීමේ සහජ යුතුකමකි. මෙම කැපවීම වර්තමාන සහ අනාගත පරම්පරාවන්ට ආඩම්බරයෙන් බලා සිටිය හැකියි. මෙම විනිසුරුවරුන් පොහොසත් උරුමයක් ඉතිරි කරමින් සිටිනවා…’

මේ ආකාරයට උත්තරීතර අධිකරණයේ විශ්වසනීයත්වය ගැන ගරු විනිසුරුවරුන් තම අදහස් දැක්වූයේය. අභියාචනාධිකරණය ලෙස පොදුවේ හැඳින්වෙන ‘ශ්‍රී ලංකා අභියාචනාධිකරණය’ යනු, ශ්‍රී ලංකා නීති පද්ධතියේ දෙවැනි ජ්‍යෙෂ්ඨතම අධිකරණය වන අතර, ඊට ඉහළින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් ඇත. 1971 අංක 44 දරන අභියාචනාධිකරණ පනත යටතේ 1971දී පිහිටුවන ලද අභියාචනාධිකරණයට ඕනෑම පහළ අධිකරණයකින් හෝ මහාධිකරණයෙන් හෝ අභියාචනා විභාග කිරීමේ අධිකරණ බලය ඇත. එහි තීරණ අතිරේකව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකිය. අභියාචනාධිකරණයේ ප්‍රධානත්වය දරනු ලබන්නේ අභියාචනාධිකරණයේ සභාපතිවරයා විසිනි. 1971දී පිහිටුවන ලද අභියාචනාධිකරණයට දැනට වසර 53ක ඉතිහාසයක් ඇත. දැනට අභියාචනාධිකරණයේ සභාපති ධුරය දරන්නේ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසිනි. මෙය උත්තරීතර අධිකරණයේ රසවත් පරිච්ඡේදයකි. තවද සුවිශේෂ කරුණක් ලෙසින් හෙළිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට තමන්ගේ වයස අවුරුදු 63ක් දක්වා සේවය කර විශ්‍රාම ගිය හැකිය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් අධිකරණයට පැමිණෙන විට නිල ඇඳුම ලස තද දම් පැහැති ගවුම් විශේෂයක් අඳියි. එසේම අභියාචනාධිකරණය් විශේෂ උත්සව අවස්ථාවන්හිදී ඔවුහු තද දම් පැහැති ගවුම් සමග බැරිස්ටර් පටි, මැන්ටලය (ඇඳුම මත පලඳින ලිහිල් ඇඳුමක්) සහ දිගු විග් (හිස පලඳනාවක්) එකක්ද පැලඳ සිටිති.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හොරු පුළුවන් නම් අල්ලන්න! රට හංගපු සල්ලිත් පුළුවන් නම් ගේන්න! ඒපාර ප්‍රසන්නත් මාලිමා ආණ්ඩුවට අභියෝග කරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්ද පැරැදුණත් රට වෙනුවෙන් වගකීම් ඉටුකරනවා! සජිත් හෝමාගමට එයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.