දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා කරමින් කොරෝනා මරණ 160ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ ඊයේ (13) දින තහවුරු කර ඇති අතර එම මරණ 160ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,935ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 73 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 87 දෙනෙකුද සිටි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 124 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.










