• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලතිව් තරුණයකු මියයාම! හමුදාවේ තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

August 12, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුද හමුදා සාමාජිකයින් පහරදී ඇතැයි කියන පුද්ගලයෙකුගේ මළ සිරුරක් මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ තිබී හමුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රදේශවාසීහූ හා උතුරේ දේශපාලනඥයෝ රජයෙන් ඉල්ලා සිටිති.Sri Lanka Latest News

මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් (අගෝස්තු 8 වැනි දා) ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ද ඇති විය.

සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ, මුලතිව්, ජීවනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එදිර්මන්නසිංහම් කපිල්රාජ් නමැති පුද්ගලයෙකි.

ඔහුගේ මළ සිරුර මුත්තයාන්කට්ටු වැවේ තිබී හමුවීමත් සමඟ මුලතිව් මුත්තයාන්කට්ටු හා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවල නොසන්සුන් තත්ත්වය ඇතිවිය.

මිය ගිය පුද්ගලයාගේ සිරුර අද (අගෝස්තු 11 වැනි දා) දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මිහිදන් කෙරිණි.

මුත්තයාන්කට්ටු, ශීවනගර්හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය පිහිටා ඇති කඳවුරු මේ දිනවල ඉවත් කරමින් පවතී.

නොසන්සුන්තාවට පාදක වූ සිද්ධිය කුමක් ද?

මුත්තයාන්කට්ටු, ශීවනගර්හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය පිහිටා ඇති කඳවුර මේ දිනවල ඉවත් කරමින් පවතින අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ, එහි ඉවත් කරන යකඩ හා බාහිර අමුද්‍රව්‍ය රැගෙන යාම සඳහා අගෝස්තු 7 රාත්‍රියේ කඳවුරු භූමියට අනවරයෙන් ඇතුළු වූ පුද්ගලයින් 5 දෙනෙකු පලවා හැරීමට කඳවුරේ සිටි හමුදා සමාජිකයින් කටයුතු කර ඇති බව යි.

එහිදී ‘පලා යමින් සිටි පුද්ගලයෙකු මුත්තයාන්කට්ටු වැවේ දියේ ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩාමක් විමර්ශන ආරම්භ කර ඇතැයි’ පොලිස් මාධ්‍ය කොට්ඨාසය එහි සඳහන් කොට තිබේ.

මෙම සිවිල් පුද්ගලයින් හමුදා කඳවුරු භූමියට පැමිණ සිටියදී කඳවුරේ හමුදා සාමාජිකයින් ඔවුන් පලවා හැරීමට ක්‍රියා කිරීමේදී එසේ ඇතුළු වූ පිරිසට පහරදීමක් සිදුව ඇති බවට අනාවරණය වීම හේතුවෙන් එම කඳවුරට අනුයුක්තව රාජකාරි කරනු ලබන සෙබළෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම සිවිල් පුද්ගලයින් හමුදා කඳවුරු භූමියට පැමිණ සිටිය දී කඳවුරේ හමුදා සාමාජිකයින් ඔවුන් පලවා හැරීමට ක්‍රියා කිරීමේදී එසේ ඇතුළු වූ පිරිසට පහරදීමක් සිදුව ඇති බවට අනාවරණය වීම හේතුවෙන් එම කඳවුරට අනුයුක්තව රාජකාරි කරනු ලබන සෙබළෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් එහි සඳහන් කොට තිබේ.

තව ද මෙම පිරිසට කඳවුර තුළට පිවිස සොරකමට අනුබල දීම සම්බන්ධයෙන් තවත් සෙබළුන් දෙදෙනෙක් ද ඔඩ්ඩුසුඩාන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් තිදෙනා (අගෝස්තු 9 වැනි දා) මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, එළඹෙන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

යුද හමුදා සාමාජිකයින් පහරදී  ඇතැයි කියන පුද්ගලයෙකුගේ මළ සිරුරක් මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ තිබී හමුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රදේශවාසීන් හා උතුරේ දේශපාලනඥයින් රජයෙන් ඉල්ලා සිටිති.

යුද හමුදාව පවසන්නේ කුමක් ද?

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව මූලික විමර්ශනයක් කළ බව යි.

අගෝස්තු 7වැනි දා රාත්‍රි 11.30ට පමණ කිහිප දෙනෙක් අනවසරයෙන් මෙම කඳවුරට ඇතුළු වී ඇතැයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය. එහිදී යුද හමුදාව එම පිරිස පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් දිව ගොස් ඇති බව හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු පැවසුවේ, කඳවුර තුළ දී එක් අයෙක් හමුදා භාරයට ගෙන පසුව ඔහු ඔහුගේ දෙමව්පියන්ට භාර දුන් බව යි.

හමුදා භාරයට ගත් එම පුද්ගලයාට එරෙහිව මීට පෙර ද කඳවුරට ඇතුළු වී භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ නඩුවක් විභාග වන බව හමුදා ප්‍රකාශවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සඳහා යුද හමුදාව විසින් පොලිසියට උපරිම සහයෝගය ලබා දී ඇති බව ත් විමර්ශන මගින් පොලිසියට සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු පැවසීය.

මෙම සිවිල් වැසියන් පිරිසට හමුදා කඳවුර තුළට පැමිණිමට අවසර දී ඇත්තේ යුද හමුදාව විසින් දැයි එහිදී බීබීසී සිංහල හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියේය.

“ආර්මි එකෙන් එන්න කිව්වා නම්, එතන වගකිව යුතු නිලධාරියෙක් එන්න කියන්න ඕනේ. එහෙම එන්න කිව්ව නම් රෑ එකොළහාමාරට විතර කෑම්ප් එක පිටිපස්සෙන් රිංගල එන්න කියන්නේ නැහැ නේ. අපි එගොල්ලන්ට දවල් කාලේ එන්න කියලා. අපේ ප්‍රධාන ගේට්ටුවෙන් අරගෙන මොනවාහරි ඒ අවශ්‍ය…දෙන්න තියෙන දෙයක් දීලා පිටත් කරනවා. රෑ එකොළහාමාරට එනවා කියන්නේ ඉතිං මොකක් හරි හොරකමකට… අනවසර වැඩකට එන්නේ. අපිට ඒකේ වගකීම ගන්න බැහැ. යුද හමුදාව එන්න කිව්වා නම් දවල් කාලේ එන්න කියනවා… ක්‍රමවත්ව ඒක වෙන්නේ. යුද හමුදාව ඔය පැත්තේ මිනිස්සුන්ට ඕන තරම් උදව් කරනවා. ඒ උදව් කරන කොට රෑ 11ට 12ට ගෙනල්ලා උදව් කරන්නේ නැහැ නේ. රෑ එකොළහමාරට මේක වෙලා තියෙන්නේ.” යැයි බ්‍රිගේඩියර් වර්ණ ගමගේ පැවසීය.

මෙහිදී පහරදීමක් සිදුවී ඇද්දැයි හමුදා ප්‍රකාශවරයාගෙන් බීබීසී සිංහල විමසා සිටි අතර ඔහු කියා සිටියේ , “පහරදීමක් දුටු කවුරුත් නැහැ නේ.”

“පහරදීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලින් තමා අනාවරණය කර ගන්න පුළුවන් වෙන්නේ.”

“සාක්ෂි මත හෙළි කර ගන්න පුළුවන් පහර දීමක් වෙලා ද නැද්ද කියලා. ඒක පොලිස් විමර්ශන වලින් අනාවරණය වෙයි. එහෙම දෙයක් වෙලා තියෙනවා ද නැද්ද කියලා.”

“කී දෙනෙක් ආව ද කියලා අපි දන්නේ නැහැ. මිනිස්සු කියනවා 5 දෙනෙක් කියලා. අපි දන්නේ නැහැ 5ක් ද 6 ක්ද ආවේ කියලා. අපි එක්කෙනයි අපේ භාරයට ගත්තේ.”

මියගිය පුද්ගලයාට යුද හමුදා සාමාජිකයින්  පහරදී ඇති බවත් එම  පහරදීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇති බවටත් පසුව මළ සිරුර වැවට දමන්නට ඇති බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ප්‍රදේශවාසීන් හා උතුරේ දේශපාලනඥයින් පවසන්නේ කුමක් ද?

මියගිය පුද්ගලයාට යුද හමුදා සාමාජිකයින් පහර දී ඇති බවත් එම පහරදීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇති බවට ත් පසුව මළ සිරුර වැවට දමන්නට ඇති බවට ත් ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

මළ සිරුර හමුවූ ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ටි.රවිහරන් ඇතුළු පිරිසක් පැමිණි අතර මන්ත්‍රීවරයා පැවසූවේ ප්‍රදේශවාසීන් සදහන් කරන පරිදි මුත්තයාන්කට්ටු යුද හමුදා කදවුරේ සාමාජිකයින් කිහිපදෙනෙකු කඳවුරින් ගලවා ඉවත් කරන තහඩු ලබාදීමට ප්‍රදේශයේ පිරිසකට කඳවුරට පැමිණෙන ලෙසට දන්වා තිබේ.

ඒ අනුව පුද්ගලයින් 5 දෙනෙකු අගෝස්තු 7 වැනි දා රාත්‍රියේ යුද හමුදා කදවුරට ගොස් ඇති අතර,එහිදි අදාළ පුද්ගලයින්ට යුද හමුදා කදවුරේ සාමාජිකයින් පිරිසක් පහර දී ඇති බවත්, එහිදි පුද්ගලයින් හතරදෙනෙකු නැවත ගම්මානය වෙත පැමිණ ඇති බව ත් එක් අයෙකු අතුරුදහන්ව ඇති බව ත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්  විසින් මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වනු ලැබීය.
ඡායාරූප ශීර්ෂ වැකිය,මළ සිරුර පැවති ස්ථානයට පැමිණි මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් විසින් මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය.

ඒ අනුව අතුරුදහන් වූ පුද්ගලයා ගැන පවුලේ උදවිය හා ප්‍රදේශවාසීන් අගෝස්තු 8 වැනි දා කළ සොයා බැලිමක දී ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර පසුව ඔහුගේ මළ සිරුර අගෝස්තු 9 වැනි දා උදැසන වැවේ පාවෙමින් තිබිය දී ප්‍රදේශවාසීන් විසින් දැක තිබූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

මළ සිරුර පැවති ස්ථානයට පැමිණි මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් විසින් මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය.

අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කොට තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මෘත ශරීරය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය අනාවරණය කළේය.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කිසිදු බලපෑමකින් තොරව, විනිවිදභාවයකින් හා අපක්ෂපාතීව සිදුවන බව ත් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔඩ්ඩුසුඩාන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සිය නිවේනදයේ සඳහන් කොට තිබේ.

SendShareShare
Previous Post

‘වැඩ බලන’ කෑල්ල ඉවරයි! 37 වැනි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය! I Sri Lanka Latest News

Next Post

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය සේවා විශිෂ්ටත්වය පුළුල් කරමින් එහි නවතම ශාඛාව නුගේගොඩ  දී විවෘත කරයි! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.