යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් අද රාත්‍රියේ පැවැත්වෙන ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බව කැරලිකාර මන්ත්‍රීවරුන් කීවද රැස්වීම බොහෝ සාමකාමීව පැවැත්වෙන බව දැනගන්නට තිබේ.
මෙම කණ්ඩායම් රැස්වීම මේ වනවිට ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන අතර ජනාධිපතිවරයා විසින් මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කොට ඇති බව පැවසේ.
කෙසේවෙතත් මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමක් මත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් යොහානි ඩි සිල්වා ගේ ජනප්‍රිය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන බව දැනගන්නට ඇත.
මෙහිදී ජනාධිපතිවරයා තම මයික්‍රෆෝනය දයාසිරි අතට දෙමින් ගීතයක් ගායනා කරන ලෙස ඉල්ලද්දී තමන් කුරුණෑගල සිට පැමිණි බවත්, කලින් කියා තිබුණානම් ඊට සූදානම් වී පැමිණෙන බවත් කියා ඇත.
නමුත් ජනාධිපතිවරයා කියා ඇත්තේ දයාසිරිට සූදානම් වීමට දෙයක් නැති බවත්, දයාසිරි ගායනයට දක්ෂයකු බවත්ය.
ඒ අනුව දයාසිරි ජනාධිපතිවරයා කැමැති ගීතය කුමක්ද කියා විමසීමක් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරන ලෙස ඉල්ලා තිබේ.











