චීනයෙන් ගෙන්වීමට යන කාබනික පොහොරවලින් අපේ පසට සිද්ධ වෙන විනාශයට වගකියන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කර සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අද ගෙනෙන කාබනික පොහොරවලද යම් යම් ප්‍රශ්න ඇති බවත්, මේ හරහා යම් බැක්ටීරියාවක් හෝ කෘමියකු අපේ පසට ඇතුලු වුවහොත් ඊට වගකියන්නේ කව්රුන්ද යන්නත්ය.
එවැන්නක් සිදුවුවහොත් තවත් වසර දෙක තුනකින් මහා විනාශයක් සිදුවනු ඇති බවද හෙතෙම සදහන් කර සිටියේය.










