තිරප්පනේ පොලිස් වසමේ මුරියාකල්ල වැව්පිටියේදී සතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන්ඊයේ (23) පස්වරුවේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 60 සහ 44 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
පුද්ගලයින් තිදෙනෙකු එලෙස ගමන් කර ඇති අතර දෙදෙනෙකුට වෙඩි වැදීමෙන් පසු අනෙක් පුද්ගලයා ගම්වාසීන්ගේ උදව් ඉල්ලීම සඳහා ගොස් නැවත වෙනත් මාර්ගයකින් පැමිණෙමින් සිටියදී තවත් බඳින ලද තුවක්කුවක් පත්තුවී එම පුද්ගලයාද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව තිරප්පනේ පොලීසිය පවසයි.
ඔහු සන්තකයේ තිබූ සැකකටයුතු භාණ්ඩ කිහිපයක් ද පොලිසීය විසින් සොයාගෙන ඇත.










