අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව් ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය කල්දැමීමට අධිකරණය නියෝග කළා.Sri Lanka Latest News
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
මෙම නඩුව ඊයේ දින විභාගයට ගැනීමට නියමිතව තිබූ හෙයින් සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසී ද නිකුත් කර තිබුණා.
එහෙත් විත්තියේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම් දීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස 06 වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.










