තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව රවී සෙනෙවිරත්න මහතා විසින් විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති විමර්ශන කමිටුව ඉදිරියේ ලබා දුන් සියලුම සාක්ෂි සටහන් ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමු කොට ඇත.Sri Lanka Latest News
එම ලිපිය පහත දක්වේ.
ඒ එන් ජේ ද අල්විස් කමිටුවේ සාක්ෂි සටහන් ලබා ගැනීම
2024 ඔක්තොම්බර් මස 24 වන දින
තොරතුරු නිලධාරි
ජනාධිපති ලේකම් කාර්යාලය
ගාලු මුවදොර
කොළඹ 01
හිතවත් තොරතුරු නිලධාරිතුමනි
ඒ එන් ජේ ද අල්විස් කමිටුවේ සාක්ෂි සටහන් ලබා ගැනීම
විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දීමේ දී පාස්කු ප්‍රහාරය අනතුරු පිළිබඳ අඟවා බුද්ධි අංශ එවූ ලිපිය කිසි පියවරක් නොගෙන තමන් භාරයේ දින 12 ක් තබා ගත් බවත් එය තමන් අතින් සිදු වූ වැරැද්දක් බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පිලිගෙන ඇති බව විශ්වාසනීය මූලාශ්‍රයකින් මට දැන ගැනීමට ලැබිණි. එබැවින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව රවී සෙනෙවිරත්න මහතා විසින් විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති විමර්ශන කමිටුව ඉදිරියේ ලබා දුන් සියලුම සාක්ෂි සටහන් මට හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.
මේ පිළිබඳ යම් ගාස්තුවක් ගෙවීමට ඇත්නම් එකී ගාස්තුව කොපමණදැයි 0112 877 628 අංකය අමතා මා හට දැනුම් දිමට කාරුණික වන්න.
මෙයට
ඔබේ සේවයට කැප වූ
උදය ගම්මන්පිල










