• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුන් සැරයක් පරීක්ෂණයෙන් ෆේල්! චීනෙන් එන පොහොර ලංකාවට ආවොත් කෘෂිකර්මාන්තය විනාසයි! රුහුණේ මහාචාර්යවරිය භයානක ප්‍රකාශයක් කරයි!

October 24, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
තුන් සැරයක් පරීක්ෂණයෙන් ෆේල්! චීනෙන් එන පොහොර ලංකාවට ආවොත් කෘෂිකර්මාන්තය විනාසයි! රුහුණේ මහාචාර්යවරිය භයානක ප්‍රකාශයක් කරයි!
Share on WhatsAppShare on Facebook

චීනයෙන් ගෙන්වා ඇති කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග පවසයි.

තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ එම පොහොර තොගයේ අන්තර්ගත ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරයි දැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවකු නැතැයි ද මහාචාර්යවරිය සඳහන් කරයි.

මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය ඊයේ (23) මධ්‍යම රාත්‍රී 12.09 ට සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් මේ බව පවසා ඇත.

ඇය එහි මෙසේ ද සටහන් කර තිබේ.

අවසන් වරට නැවතත් මතක් කරමි.

තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්‍ෂුද්‍රජීවීන් සිටින බව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිණීමට නියමිතය.

එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි. එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේ රටේ කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත.

මෙසේ ගෙනෙන ලද ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරණය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්‍ෂුද්‍රජීවීන්ද වඩාත් ආක්‍රමනශීලී වේ යැයි නිකමට මට සිතේ.

මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ. යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ෂිත වලල්ල බිඳ හෙලුවහොත්, අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වෙනු නොඅනුමානය.

කෙතරම් පොරොන්දු දුන්නද, මෙය අපගේ රට තුළට ඇතුලු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යැයි සිතීමට තරම් කිසිදු සාක්ශියක් මා සතුව නොමැත.

බලවත් සිත් තැවුලෙන් මෙසේ ලියා තබමි 23/10/2021 මධ්‍යම රාත්‍රී 12.09

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණික පීඨයේ ආචාර්ය ප්‍රදීප් ගජනායක මහතා ද සිය ෆේස් බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබිණි. “චීන කාබනික පොහොර රැගත් නැව ශ්‍රී ලංකාවට ලගා වූ බවට වාර්තා ලැබේ” එම නිසා මා හට අවසන් වශයෙන් පැවසීමට ඇත්තේ ශ්‍රී ලංකාව බොහෝ දුක් විඳිනවා, එය නරක මිනිසුන්ගේ හිංසනය නිසා නොව, යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්දතාව නිසාය. තීරණය ඔබේ අතේ.”

SendShareShare
Previous Post

කැරලිකාර පිල අද ජනපතිගෙන් තදින් ප්‍රශ්න කරන්න යයි! ඩිනර් එකත් වර්ජනය කරන ලකුණු!

Next Post

වරායට බලෙන් ඇතුල්වෙන්න හදන චීන පොහොර නැව පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ ප්‍රබල නිලධාරියකුගේ ඥාති සහෝදරයා! (VIDEO)

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.