සීමාසහිත විශේෂඥ අමාත්‍ය මණ්ඩලයකින් සමන්විත සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ සමස්ත රජය ඉල්ලා අස්විය යුතු බවට 96% ක ජනතාවක් ඉල්ලා සිටි බව ඩේලි මිරර් පුවත්පත මගින් කළ මහජන මත විමසුමකින් අනාවරණය වී තිබේ.
සීමිත විශේෂඥ අමාත්‍ය මණ්ඩලයකින් සමන්විත සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සමස්ත රජය ඉල්ලා අස්විය යුතුද යන්න පිළිබඳව මහජන මතය ලබා ගැනීම සඳහා මෙම ජනමත විමසුම පැවැත්වුණු මෙම සමීක්ෂණයේදී 96%ක් ප්‍රකාශ කොට තිබුණේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ආණ්ඩුවත් ඉල්ලා අස්විය යුතු බවකි.
ජනමත විචාරණයේ ප්‍රතිඵලයෙන් හෙළි වූයේ 2.1%ක් පමණක් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සමස්ත රජය ඉල්ලා අස්වීමට අකමැති වූ අතර 1.2%කට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් ඉල්ලා අස්වීම බවයි. 0.7% ඒ ගැන කිසිම මතයක් දරා තිබුණේ නැත.










