හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘X’ ගිණුමෙහි සටහනක් තබා තිබේ.Sri Lanka Latest News
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, සියල්ල ආරම්භ වූ ස්ථානයට සිය පියා නැවත පැමිණි බවය.
එමෙන්ම සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු හෝ වරප්‍රසාද මත නොව ජනතාවගේ ආදරයෙන් බවද එහීදී ඔහු සඳහන් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් නික්මගොස් තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට පැමිණියේය.
ඒ ‘ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනතේ’ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමගය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය.











