මෙරට ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම සහ මාදැල්වලට මත්ස්‍ය පැටවුන් හසුවීම වැළැක්වීම අරමුණු කරගනිමින් ගාල්ල ආශ්‍රිත මුහුදු සීමාව තුළ භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස්රථ 4ක බඳ ගාලු ධීවර වරායේ සිට නාවික සැතපුම් 4ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම සිදු කෙරිණ.
කෘත්‍රිම වාසස්ථාන ස්ථානගත කර මත්ස්‍ය ගහනය වැඩිකිරීම මෙහි අරමුණය.
කුඩා මත්ස්‍ය පැටවුන් මෙම බස්රථ බඳ තුළ ගොඩනැගෙන නව මත්ස්‍ය ජනාවාස තුළින් පිටතට නොයාම නිසා පැටවුන් ප්‍රමාණයෙන් විශාල වන තුරු මාදැල්වලට හසුවීම මින් වැළකෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාලග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීමේ සංකල්පය මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.













