• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගහනවා ඒත් ක්‍රිකට් නෙමේ! කඩනවා ඒත් විකට් නෙමේ! හොයනවා ඒත් ලකුණු නෙමේ! ක්‍රිකට් ඉවරයි…! නිළියොත් ඉවරයි…! Sri Lanka Latest News

April 5, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ගහනවා ඒත් ක්‍රිකට් නෙමේ! කඩනවා ඒත් විකට් නෙමේ! හොයනවා ඒත් ලකුණු නෙමේ! ක්‍රිකට් ඉවරයි…! නිළියොත් ඉවරයි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ක්‍රිකට් ගහන එවුන්ට ගහන්න බැරි ක්‍රිකට් විතරයි. ඕක තමයි අපේ රටේ මිනිස්සු කියන කතාව. ඕකේ තේරුම අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මේ යක්කු හත්පොළේ ගාගෙන, ඇඟේ නාගෙන, රෙදි ගලවගෙන පට්ට නෝන්ඩි වෙන සෙට් එකක් කියලා තමයි සමහරු කියන්නේ. ඇත්තටම ලංකාවේ ක්‍රිකට් ගහන එවුන් එක්කෝ පුනරුත්ථාපනය කරන්න ඕනේ. එහෙම නැත්තම් උන්ට මාස හය හතක් නිවාඩු දීලා ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ. මේ දෙකම දීලා ඉවර වෙලා උන්ව කූඩුවල දාලා තියන්න ඕනේ අර චිම්පන්සියෝ නැත්නම් හිපපොටේමස්ලා වගේ සත්තු ඉන්න තැනක උන් එක්ක ටික කාලයක් ජීවත් වෙන්න. මොකද එහෙම නැත්තම් මුන්ට මේ මනුස්ස සමාජයේ ජීවත් වෙන්න දැනෙන්නේ නැහැ. Sri Lanka Latest News

ලෝකේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ආතල් ගන්නවා, පිස්සු කෙළිනවා, බොනවා, ක්ලබ් යනවා විකාර කරනවා ඒක ඇත්ත. සමහර එවුන්ගේ ජීවිත කතාව කෙළවර වෙන්නෙම මේ ක්‍රිකට් අස්සේ පිස්සු කෙළින්න ගිහිල්ලා. හැබැයි ලංකාවේ ඉන්න එවුන්ගේ තියෙන ප්‍රශ්නය ඊට වඩා වෙනස්. අරුන් වෙන මොනවා ගැහුවත් උන් ක්‍රිකටුත් ගහනවා. අපේ රටේ උන්ට ක්‍රිකට් ගහන්න බැහැ. අපේ රටේ උන්ට තියෙන්නේ කොහේ හරි නිකන් පොත්ත සුදු කෙල්ලෙක් දැක්කට පස්සේ ඒක පස්සේ වැටිලා පිස්සු කෙළලා ඒ වැඩෙත් හරියට කරගන්නේ නැතුව මේ වැඩෙත් හරියට කරගන්නේ නැතුව නාස්ති වීමේ පුරුද්දක් ඇබ්බැහියක්. මුන් මොන මඟුල කළත් කමක් නෑ උන් ක්‍රිකටුත් ගහනවා නම්. ඕන් දැන් එකෙක් මාලයක් දාලා ඒ මාලේ උකස් තිබ්බා කියලා පොලිසි ගිහිල්ලා චාටර් වෙලා නහයෙන් අඬලා පිස්සු කෙළලා ගොසිප්කාරයන්ට දීලා කෙළවගෙනනේ. උදාහරණයක් තමයි අන්න ඒක. ඒක කරලා තියෙන්නේ භානුක රාජපක්ෂ කියන හාදයා කියලා තමයි ආරංචි. අපි දන්නේ නෑ පොරද නැද්ද කියලා. කවුදෝ මම දන්නේ නැහැ වැඩි වයසක් නැති පුංචි කෙල්ලෙක් මේකට කට උල් කර කර පැහැදිලි කිරීම් දානවා, ‘එයා මගේ අතින්ම දැම්ම මගේ මාලේ… එයා මට ආදරෙන් දුන්නු මාලේ…’ කියලා බහුබූත කියනවා.

ඇත්තටම මේ නිළියෝ කියන එවුන්ටත් ලංකාවේ වෙලා තියෙන්නේ උන් රඟපාන්න ඇවිල්ලා ටික දවසකින් කකුල් දෙක පේන්නයි බඩ පේන්නයි පපුව පේන්නයි පොඩි ඇඳුම් කෑල්ලක් ඇඳගෙන එහෙ මෙහෙ රඟනවා. ඊට පස්සේ අපේ රටේ ක්‍රිකට් ගහන එවුන් ඒවා පස්සේ වැටිලා උන්ව අල්ලගෙන උන් එක්ක එහෙට මෙහෙට නාඩගම් නටන්න ගන්නවා. මේක මේ ලංකාවේ එකෙක් දෙන්නෙක් කරන දේකුත් නෙමෙයි. නිළියොත් ඉවරයි ක්‍රිකටුත් ඉවරයි. අර චාමික කරුණාරත්න කියන හාදයට ඒ අස්සේ නඩුවක්. ඒ නඩුවේ දැන් ඔප්පු කරන්න හදන්නේ මේකා තාත්තා කියලා. ඒක බොරුද ඇත්තද කියන්න අපි දන්නේ නෑ. අපි ඒක වෙන්න ඇති කියලා උපකල්පනය කළොත් අපිට කියන්න තියෙන්නේ යකෝ තොපිට ක්‍රිකට් ගහන්න බැරි එක ප්‍රශ්නයක් නැහැ. තොපි ක්‍රිකට් ගහන්න දන්නේ නැති එක ප්‍රශ්නෙකුත් නැහැ. මොකද තොපිට ඒකට වුවමනාවක් නෑනේ. තොපිට ක්‍රිකට් ගහන එක පිළිවෙළට කරගන්න බැහැ වගේම අනිත් එවා පිළිවෙළට කරගන්න දන්නෙත් නෑනේ. තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න තරම් මොළයක් නැද්ද මේ අවුරුදු තිහ හතළිහට කිට්ටු වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයන්ට?

මේ විදිහට ක්‍රිකට් නිසා තමන්ගේ ජීවිතේ ලැබුණු වරප්‍රසාද සියල්ලම දවසෙන් දෙකෙන් නැති කරගත්ත එකෙක් තමයි ඔය ධනුෂ්ක ගුණතිලක කියලා කියන්නෙත්. ඒකටත් ක්‍රිකට් ගහන්න ගිහිල්ලා ඒ වැඩේ කරගෙන ඉන්න බැරුව ගියා. ස්ත්‍රී ලිංගික සතෙක් දැක්කට පස්සේ ඉන්න හිටින්න බැරුව ගිහිල්ලා තමන් කවුද කියන එක අමතක වෙලා රෙදි උනාගෙන උන්ගේ ඇඟට පැනලා පිස්සු කෙළලා පොලිසියෙනුත් කුණුහරුප අහලා උසාවියෙනුත් බැණුම් අහලා ඔන්න දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. මේ විදිහට ක්‍රිකට් අස්සේ වෙන වෙන සෙල්ලම් දාපු අය ඕනෙ තරම් ඉන්නවා. අදාළ අමාත්‍යාංශයකට අනුයුක්ත වෙලා හිටපු එක්තරා වෛද්‍යවරියකටත් යම් යම් සිදුවීම් සිද්ධ කරන්න ගියා කියලා සමහර අයට චෝදනා තියෙනවා. ඉතින් කොහොම හරි මෙන්න මේ ක්‍රිකටර්ස්ලයි නළු නිළියෝයි එකතු වෙලා නටන නාඩගම හින්දා රෑ එළිවෙනකන් නිළියෝ ගෙවල්වල නැහැ. උන් තැන් තැන්වල නයිට් ක්ලබ්වලයි අයිස් ගහගෙන පිස්සු කෙළගෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඔඩොක්කුවල ක්‍රිකට් ක්‍රීඩකයොත් එක්ක තැන් තැන්වල වාත වෙවී නාඩගම් නටනවා. මුන්ට ක්‍රිකට් ගහන්න බැහැ. මුන් රෑ නිදි මරලා තැන් තැන්වල එක එක මත්ද්‍රව්‍ය වර්ග පාවිච්චි කරලා උන්ට සිහිකල්පනාවක් නැහැ. මුන්ට රඟපාන්න සිහිකල්පනාවක් නැහැ. තැන් තැන්වල වාහන හප්ප ගන්නවා. තැන් තැන්වල රෙදි ගලවලා ඒවා අනිත් එවුන්ට පෙන්නලා අනිත් එවුන් උන් එක්ක ගැටුම් හදාගෙන ක්‍රිකට් ක්‍රීඩකයෝ ඒවාට පැටලිලා එහෙන් පිස්සු කෙළිනවා. සමහර එවුන්ට ජාත්‍යන්තරයේ ඉඳලා නඩු තියෙනවා.

මේ ක්‍රිකට් ගහන එවුන්ට ක්‍රිකට් ගහන්න බැරි නම් වෙන ටීම් එකක් හදලා උන්ට ඔය ගහන එකක් ගහගන්න ඒ ටීම් එකක් විදිහට ලෝකෙත් එක්ක තරග කරන්න දුන්නා නම් අපේ එවුන් අනිවාර්යෙන්ම කප් එක ගේනවා.

මේ නළු නිළියන්ටත් රඟපාන්න බැරි නම් අර කුමාර තිරිමාදුර දවසක් මොකද්දෝ වැඩසටහනකදී කිව්වා වගේ තොපි මේ කකුල් එළියෙ දාගෙන බඩ එළියෙ දාගෙන බුරිය එළියෙ දාගෙන පිස්සු කෙළින්න එපා. ගම්වලින් කොළඹ ඇවිල්ලා යාන්තම් අමාරුවෙන් නිළියෙක් වෙලා රඟපාන්න පටන් අරගෙන ඉන් පස්සේ එක එක ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉස්සරහ සුරතලියෝ වෙන්න යන්න එපා. උන්ට ආතල් දෙන ගණිකාවෝ වෙන්න යන්න එපා. අපරාදෙ ඔය ජීවිත. ඔය ලස්සන මූණු ලස්සන ජීවිත ලස්සනට හදාගන්න පරිස්සම් කරගන්න. අපි ආදරෙයි ක්‍රිකට්වලට. අපි ආදරෙයි නළු නිළියන්ට. අපි දන්නවා ලෝකේ ක්‍රිකට් ක්‍රීඩකයෝ සහ නළු නිළියෝ විවාහ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා. කොච්චර ජෙනුයින්ද? කොච්චර ලස්සනයිද? ඒ සම්බන්ධතා කොච්චර ලස්සනට ඒගොල්ලෝ මේන්ටේන් කරනවාද? කොච්චර ලස්සනට පවත්වාගෙන යනවාද? කොච්චර ලස්සනට ආරක්ෂා කරනවාද? ලංකාවේ ඉස්සර ක්‍රීඩකයෝ මෙහෙම පිස්සු කෙළියේ නෑ. අපි දන්නවා ලෙජන්ඩ්ලා කියලා කියන සමහර කට්ටියගේ විලාසිතාව වෙලා තියෙන්නේ ඩිවෝස් කරන එක. එහෙට යනවා මෙහෙට යනවා, නිළියෝ දැක්කට පස්සේ ඒගොල්ලන්ව ගිහිල්ලා බදාගන්නවා. කලින් ගැනී අයින් කරලා නිළියෝ අරගෙන අලුතින් පවුල් ජීවිත පටන් අරගෙන ඊට පස්සේ දැන් පඬි ටෝක් දෙන කට්ටියත් ඉන්නවා. එහෙම නැහැ කියනවා නෙමෙයි.

ඒ වුණාට ඉතින් තමන්ගේ තත්ත්වයම පරිස්සම් කරගන්න. මොකද ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාරේ යද්දී මිනිස්සු බලන්නේ හරි ආසාවෙන්. නළුවෙක් නිළියක් පාරේ යද්දී මිනිස්සු බලන්නේ පට්ට ආසාවෙන්. ඉතින් ඒ ආසාව ඒ වුවමනාව ඒ ආදරය ඔබට දීලා තියෙන්නේ දෙවියෝ. ඉතින් ඒක පරිස්සම් කරගන්න. දැන් තොපි ඉන්නේ තොපිට අවශ්‍යතාව වුවමනාව හදලා දීලා, තොපිව ගොඩදාන්න හදපු දෙවියන්ගේ නෝනා එක්ක හරි නිදාගන්න මට්ටමක. ඒ නිසා තොපිට ක්‍රිකට් ගහන්න බැරි නම් ඔය අනම් මනම් ටික පැත්තකින් තියලා වෙන ගහන ගැහිල්ලක් ගහගෙන අපේ රටේ තුට්ටු දෙක නාස්ති කරන්නේ නැතුව රටේ මිනිස්සුන්ට ආතල් දෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බදාදා වැඩේ හරිද? තෙල් ඉතිරිද? පන්ති නැද්ද? ආයතන වහලද…? Sri Lanka Latest News

Next Post

ශමීරගේ ‘වයිෆ්’ දින 50 සමරයි! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.