අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක, කුරුණෑගල ඇත්කඳ රජ මහ විහාරාධිපති අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් අද උදාසන අපවත්වුනා.Sri Lanka Latest News
ඒ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියී.
උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ජූලි 24 වනදා මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.
1958 සැප්තැම්බර් 03 වනදා ආණමඩුව කොට්ටුකච්චිය ග්‍රාමයේ උපන් උන්වහන්සේ, කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ සමත් වූණා.
1976 මැයි 19 දින අස්ගිරි මහා විහාරයේ උඩුගම ධම්මදස්සි හා වඳුරාගල රතනජෝති මහනාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදිවූ උන්වහන්සේ, 1979 මැයි 20 දින උපසම්පදා ශ්‍රාමණ්‍ය ව්‍රතය බාරගෙන තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ උපාධියක් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබාගෙන ඇති උන්වහන්සේ, ගුරුවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.
නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයවල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ උන්වහන්සේ, 2002දී අස්ගිරි කාරක සංඝසභාවට සහ 2008දී ප්‍රධාන ලේඛකාධිකාරි ධූරයට පත්වුණා.











