හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.Sri Lanka Latest News
නීතිවිරෝධී ඉඩම් විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් දැනට සැඟවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ, අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
ප්‍රසන්න රණවීරට මෙලෙස චෝදනා එල්ල වන්නේ ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් රජයට අයත් ඉඩමක් පෞද්ගලික පාර්ශවයකට විකුණා ඇති බවටයි.
මෙම විදෙස් ගමන් තහනම බලපවත්නා අනෙක් දෙදෙනා නම් කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු ලේකම් සරත් කුමාර එදිරිසිංහ යන අයයි.










