පිළියන්දල එස්ඕඑස් ගම්මානයේ දරුවන් ඇතුළු විශාල පිරිසකට කොවිඩ් -19 වැලඳී ඇතැයි වාර්තා වෙයි.
එම ගම්මානයේ වෙසෙන දරුවන් 50 පමණ ඇතුළු 91 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසූ බවය.
මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව සිට පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මානයේ අධ්‍යක්ෂකවරයා කීය.