අද දහවල් වන විට කෝප් කමිටුව මගින් හිටපු විදුලි සභාපති විසින් සිදු කළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් ඇතුළත් වීඩියෝපටය මාධ්‍ය වෙත ලබා නොදීමට තීරණය කළද මේ වනවිට එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා තීන්දු කොට ඇත්තේ එම වීඩියෝව ලබන සදුදා දිනයේදී මාධ්‍ය වෙත ලබා දීමටය.
මේ බව ඒ මහතා විසින් ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් කොට ඇත.
As mentioned previously, M M C Ferdinando, Ex chairman of CEB was summoned to #COPE today. The official Media communique of the summons will be released by @parliamemtLK media soon & the telecast of the recording will be released on27th Monday. https://t.co/9UurlToKnA
— Charitha Herath, (PhD) (@charith9) June 23, 2022
අපි දහවල් කළ හෙළිදරව්ව!
ෆර්ඩිනැන්ඩෝ තවත් බෝම්බයක් අතහරී! කෝප් එක වීඩියෝව එළියට නොදාන්න තීන්දු කරයි! හේතුව අතිසංවේදී කරුණු හෙළිකිරීමද? එළියට එන්නේ ප්‍රවෘත්ති නිවේදනයක් විතරයි! තීන්දුව ගන්න ආණ්ඩුවයි විපක්ෂයයි දෙගොල්ලොම එකතු වෙලා! EXCLUSIVE
අද දිනයේදී විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩෝ මහතා කෝප් කමිටුව හමුවේ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදුකොට ඇති බව දැනගන්නට තිබේ.
ඉකුත් කෝප් කමිටුවේදී ජනාධිපතිවරයා හා අදානි සමාගම සම්බන්ධයෙන් ඒ මහතා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සදහා මෙසේ ඒ මහතා අද දින කෝප් කමිටුව හමුවට කැදවා තිබිණ.
අද පෙරවරු 11ට කෝප් කමිටුව හමුවට පැමිණ ඇති ඒ මහතා පස්වරු 2 දක්වා සිය ප්‍රකාශය ලබා දී ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊට අදාළ වීඩියෝ පටය මාධ්‍යයට මුදානොහැරීමට කෝප් කමිටුව තීරණය කර තිබීමය.
යම් හෙයකින් එය මාධ්‍යයට මුදා හැරියහොත් බරපතළ අර්බූදයක් ඇතිවිය හැකි බවට වූ උපකල්පනය මත මෙසේ වීඩියෝව මාධ්‍යයට මුදා නොහැරීමට කෝප් කමිටුව තීරණය කොට ඇති බව දැනන්නට ඇත.
ඒ සදහා විපක්ෂයේ එකගතාවය ලැබී ඇති බවද වාර්තා වේ.
මෙම වීඩියෝව සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍යවේදීන් කමිටු සභාපති චරිත හේරත් මහතාගෙන් විමසද්දී ඒ මහතා සදහන් කොට ඇත්තේ පස්වරු 7.30ට ඊට අදාළව ප්‍රවෘත්ති නිවේදනයක් පමණක් නිකුත් වනු ඇති බවකි.
කෙසේවෙතත් මෙතෙක් පැවැති සම්ප්‍රදාය වී තිබුණේ කෝප් කමිටුවේ වීඩියෝ පට පස්වරු 7.30ට පාර්ලිමේන්තු සැසිවාර විකාශය වන පියෝටීවී හි අංක 91 නාළිකාව ඔස්සේ මුදාහැරීමය.










