අද රාත්‍රියේ සිට බලප්‍රදේශ 7ක පොලිස් ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර තිබුණද එය නොතකා හෙට දිනයේදී ආණ්ඩුව නෙරපා හැරීම සදහා කොළඹට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සසියලුම ජනාතවට ආරාධනාවක් කළේය.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ අධිකරණයෙන් තහනම් නියෝග ඉල්ලීමට පොලිසිය මීට පෙර කටයුතු කළද අධිකරණය ජනතා අයිතිවාසිකම් පිළිගනිමින් සාමකාමී උද්ඝෝෂණයන්ට අවසර ලබා දී ඇති බවකි.
එවැනි තත්ත්වයක් පැවතියදී පොලිස් ඇදිරි නීතිය පැනවීම පිළිගත නොහැකි බව කී ඒ මහතා එය නොතකා සියලුම දෙනාට කොළඹට පැමිණෙ ලෙසට විවෘත ආරාධනාවක් කළේය.










