කොළඹ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.Sri Lanka Latest News
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක දෙක වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය වශයෙන් සිට එම කාර්යාලයේ පත්තිරු, වෙළුම්, ඔප්පුවල දෙවන පිටපත්වල, වෙළුම්වල බැඳ ඇති ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබලදීම කුමන්ත්‍රණය, නීත්‍යානුකූල අයිතිකරුවන්ගෙන් ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට එකී ඉඩම් බැහැර කිරීම සිදුකර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.
දණ්ඩ නීති සංග්‍රහයේ 109,113 සමග කියවිය යුතු 113 (ආ) 158 දරන වගන්ති ප්‍රකාරව වැරැදි සිදු කිරීම හා පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනත ප්‍රකාර වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය පන්නිපිටිය රුක්මලේ පදිංචි 51 හැවිරිදි තැනැත්තියක්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක දෙක විමර්ශන පවත්වනවා.









