මෙරට තුළ මෙතම්ෆෙටමීන් (methamphetamine) හෙවත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.Sri Lanka Latest News
එහි පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ තමර දර්ශන මහතා සඳහන් කළේ, මේ වසරේ පළමු මාස 10 තුළ පමණක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වු පුද්ගලයින් 60,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමර දර්ශන මහතා සඳහන් කළේය.
“මෙතම්ෆෙටමීන් කියන මත්ද්‍රව්‍යයේ ක්‍රමික වැඩිවීමක් හඳුනාගන්න පුළුවන් පහුගිය අවුරුදු කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ සංඛ්‍යා ලේඛන අනුව. ගංජා සම්බන්ධයෙනුත් යම් ප්‍රවණතාවයක් හඳුනාගන්න පුළුවන්. හැබැයි හෙරොයින් සහ ගංජා කියන මත්ද්‍රව්‍ය දෙකට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය ඊට වඩා වැඩිවෙමින් පවතිනවා. මෙතම්ෆෙටමීන් සම්බන්ධයෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල වැඩි ව්‍යාපෘතියක් හඳුනාගන්න පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින්ගෙන් 99%ක්ම බහුවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින්. ඔවුන් අවස්ථානුකූලව එකක් හෝ කිහිපයක් භාවිත කරනවා.”
එම මාධ්‍ය හමුවට එක්වු අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ මහතා සඳහන් කළේ, අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන තරුණ පිරිස් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් නැඹුරු වී ඇති බවය.










