අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කර පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ අස්සන් එකතු කිරීමේ මෙහෙයුමක් අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ ආරම්භ වී ඇති බව වාර්තා වේ.
අද පෙරවරු 10ට මෙම අස්සන් ගැනීම ආරම්භ වී ඇති අතර හෙට මධ්‍යහ්නයේදී එම අස්සන් ගැනීම අවසන් කිරීමට තීරණය වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
මේ වනවිට ඊට සැලකිය යුතු අස්සන් ප්‍රමාණයක් එකතු වී ඇති බවද එම අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ජාවක් මේ මොහොත වනවිට පැවැත්වෙමින් තිබේ.










