අවුරා ලංකා සමාගමේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික විරංජිත් තාබුගල වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.
මුදල් උපයා ගත්තා ගත් ආකාරය හා ඔහුගේ ව්‍යාපාර සම්බන්ධ දීර්ඝ විමර්ශනයක් කරන ලෙසත් පොලිස්පතිවරයා විසින් නියෝග ලබාදී තිබේ.
නීති විරෝධී ආකාරයට මුදල උපයා ගත් බවටත්, කෝමාරිකා ව්‍යාපෘතිය මුවාවෙන් නීති විරෝධී ක්‍රියාවල නිරත වූ බවටත් ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම චෝදනා එල්ල විය.
එම පසුබිම යටතේ පොලිස්පතිවරයා විසින් නියෝගයක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබේ.










