රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා ඇති බවත්, පාදමේ තිබූ කෝටි 15,000ක පමණ මැණික් සොරකම් කොට ඇති බව ආචාර්ය අනූජ ජයසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රශ්න කොට ඇත.
ඒ කොටුව පොලිසියෙන් ගත් නියෝගයකට අනුවය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චමුදිත සමරවික්‍රම මහතාගෙන් අදාළ වීඩියෝවේ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් වීඩියෝව ඉල්ලා ඇති බව වාර්තා වේ.
එම ඉල්ලීමට අනුව අදාළ වීඩියෝව බාරදීමට සමරවික්‍රම මහතා පියවර ගෙන ඇත.
පහත පළවන්නේ සංස්කරණය කිරීමෙන් අනතුරුව මාධ්‍යයට මුදා හැර තිබූ ආන්දෝලනාත්මක වීඩියෝවය.