ඉන්ධන ඉල්ලමින් පසුගියදා රඹුක්කනදී පැවැති උද්ඝෝෂණයට වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකි.










