ආන්දෝලනාත්මක ෂී යැන් 6 චීන නෞකාව මේ වනවිට ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් සිටින බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත අද (27) දින වාර්තා කොට ඇත.Sri Lanka Latest News
කෙසේවෙතත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සඳුදා මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසන්නේ ෂි යාන් 6 චීන නෞකාවට ලංකාවට පැමිණීමට අවසර ලබා දී නොමැති බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත්, නෞකාව ශ්‍රී ලංකාවේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිවලට අනුකූලව ක්‍රියා කරන්නේ නම්, කිසිදු ගැටළුවක් නොමැති බවත් සබ්‍රි මහතා ප්‍රකාශ කොට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.
චීන නෞකාවක් වන Shi Yan 6 සැප්තැම්බර් 23 වන දින මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියානු සාගරයට ඇතුළු වූ අතර සැප්තැම්බර් 10 වන දින Guangzhou හි නිජබිමෙන් පිටත් වූ පසු සැප්තැම්බර් 14 වන දින සිංගප්පූරුවේදී දැකගත හැකි විය.










