යුවාන් වැන්ග් 5 සමීක්ෂණ නෞකාව අද (15) ශ්රී ලංකාවේ මුහුදු තීරයට නිල වශයෙන් ඇතුළු විය. යුවාන් වැන්ග් 5 නෞකාව හෙට (16) පෙ.ව. 7:30 ට හම්බන්තොට වරායේ නැව්ගත කිරීමට බලාපොරොත්තු වන අතර, ඉන්ධන පිරවීම ඇතුලු සේවා වෙනුවෙන් දින හතක් එහි රැඳී සිටිනු ඇත.