එක්සත් ජනපදය විසින් තායිවානයට සපයන ලද ATACMS මිසයිල පද්ධතිය තමන්ගේ වෙරළට කිලෝමීටර 10 ක් ඇතුළත යෙදවුවහොත් හෝ දියත් කළහොත්,ඒවා ක්ෂණිකව සහ සම්පූර්ණයෙන් විනාශ කරන බව චීනය විසින් එක්සත් ජනපදයට හා තායිවානයට අනතුරු අඟවයි.Sri Lanka Latest News
මේ අනතුරු ඇඟවීම එන්නේ,තායිවානය සහ බටහිර පැසිෆික් කලාපයේ ඇමරිකාව-චීනය අතර හමුදා ආතතීන් වැඩි වෙමින් පවතින වෙලාවකයි.
චීන හමුදා විශ්ලේෂකයන් කියන්නේ,ATACMS මිසයිල දියත් කරන ස්ථාන,ඒවාට සහාය දෙන ගබඩා සහ පහසුකම්,වෙරළට ආසන්න යටිතල පහසුකම්,මේවා සියල්ල PLA (චීන මහජන විමුක්ති හමුදාව) විසින් ප්‍රමුඛ ඉලක්ක කරනු ඇති අතර ATACMS මිසයිලවලට කිලෝමීටර් 300කට වැඩි දුරට නිවැරදිව ප්‍රහාර කිරීමට හැකියාව තියෙනවා.
ඒ නිසා චීනය ඒවා සෘජු තර්ජනයක් ලෙස සළකයි.චීනය කියන්නේ,තමන්ට තියෙන දිගු දුර මිසයිල,ගුවන් බලය,ඩ්‍රෝන සහ නිරීක්ෂණ පද්ධති නිසා,එවැනි පද්ධති වෙරළ අසල තබාගත්තත් ඒවා ඉක්මනින් හඳුනාගෙන විනාශ කළ හැකි බවයි.
මෙම අනතුරු ඇඟවීම තායිවානයට පමණක් නොව, ඇමරිකාව සහ එහි මිත්‍ර රටවල් වෙත ද යවන පණිවිඩයක් ලෙස සැලකේ.චීනය කියන්නේ,බටහිර රටවල් දියුණු ප්‍රහාරක පද්ධති යෙදුවත්,තමන්ට එරෙහි මිලිටරි සමතුලිතතාවය වෙනස් නොවන බවයි.
සමස්තයෙන් බලද්දී,තායිවානය වටා සහ පළමු දූපත් සමුහය අසල කලාපයේ හමුදා තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතින බව මේකෙන් පෙන්වනවා.
මුලාශ්‍රය | military watch










