චීනය පුරා පැතිරීමට පටන් ගත් නව කොරෝනා රැල්ල පාලනය අසීරු වී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ වනවිට චීනයේ පළාත් 31 න් 19 ක් පුරා ‘කොවිඩ් 19’ නව රැල්ල ව්‍යාප්තවී තිබේ.
මෙම නව රැල්ලට හේතුව වී ඇත්තේ ‘ඩෙල්ටා’ සහ ‘ඩෙල්ටා ප්ලස්’ විකෘති ප්‍රභේද යැයි ද පැවැසෙයි.
‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.










