වායු රයිෆලයක ඉලක්කය වැරදී යාමෙන් බරපතළ තුවාල ලැබූ කතරගම දෙටගමුව ප්‍රදේශයේ පස් හැවිරිදි පිරිමි ළමයෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී අද ජීවිතක්ෂයට පත්විය.
ඔහු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහලටත් එතැනින් කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරුකර යවා ඇත.
ඔහු කරාපිටිය රෝහලේදී හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇත.
මියගිය දෙටගමුව ජනපදයේ නිලේෂ් තේජස් අසිත් (05) දෙටගමුව විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අයෙකි.
ඔහුගේ පියා පොලිසියට ප්‍රකාශ කළේ යාබද නිවසේ පදිංචි 18 හැවිරිදි තම සොහොයුරා නිතර කුඩා දරුවා සමඟ සෙල්ලම් කිරීමට පුරුදුව සිටි බවත්, වැරදීමකින් වායු රයිෆලය ක්‍රියාත්මක වී ඇති බවත්ය.
පියාගේ සොහොයුරා වන කවිඳු මෙත්මල් කතරගම පොලිසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇත.










