දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.Sri Lanka Latest News
විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය බහුලවී ඇතැයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පවසයි.
මෙම රෝගයේ සැලකිය යුතු ව්‍යාප්තියක් වාර්තා වී ඇත්තේ 2006,2007 සහ 2008 වසරවල දී බවද වෛද්‍ය චින්තන පෙරේරා මහතා කියා සිටියේය.
උණ, ඇඟපත වේදනාව, ඇඟ වෙව්ලීම හා හන්දි වේදනාව සහ හන්දි ඉදිමීම මෙම රෝගයේ ලක්ෂණ ලෙස දැකගත හැකි බව ද පැවසු වෛද්‍යවරයා බොහෝ රෝගීන්ට දින කිහිපයක් ඇතුළත මෙම රෝගය සුවවුවත් ඇතැමුන්ට හන්දි වේදනාව ටික කාලයක් පවතින බව ද පැවසීය.
මෙම රෝග කාරකය ඩෙංගු මදුරුවාගෙන්ම ව්‍යාප්ත වෙන බව සඳහන් කළ වෛද්‍ය චින්තන පෙරේරා මහතා, මෙම රෝගියෙකුගෙන් රෝගියෙකුට බෝ වීමක් සිදුනොවන බව ද සඳහන් කළේය.
ගර්භණී මව්වරු, දරුවන් හා නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය මෙම රෝගී තත්ත්වයෙන් පරිස්සමින් කරගැනීම වැදගත් බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.










