පාර්ලිමේන්තුවේ සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් කටයුතු කළ යුතු බවට ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා තීන්දු කොට තිබේ.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කටයුතු පවත්වාගෙන යාමේදී මෙම තනතුරු දෙක ඉතාම තීරණාත්මක වන හෙයින් එහි වෙනසක් සිදු නොකිරිමට තිරණය කර තිබේ.
අද සවස පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් වලදි මේ පිළිබදව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරිමට නියමිතය.










