අගමැතිවරිය විසින් පාර්ලිමේන්තුවේදී සුප්‍රීම් සැට් රොකට්ටුව සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු රෝහිත රාජපක්ෂ මහතා දඹානේ සංචාරයක නිරත වී තිබිණ.Sri Lanka Latest News
ඒ පිළිබදව රෝහිත රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.
ජාත්‍යන්තර ආදිවාසී දිනය අදට යෙදී තිබේ. ජාත්‍යන්තර ආදිවාසී දිනයට පෙර දිනයේ එනම්, ඊයේ දිනයේදී ආදිවාසී වැදි නායක උරුවරිගේ වන්නිල ඇත්තෝ සහ එම ප්‍රජාව හමුවීමට ලැබීම අප ලද සූවිශේෂී අත්දැකීමකි.
ආදිවාසීන් යනු අප රටේ ජීවත්වෙන තවත් එක් මිනිසුන් කොටසක් පමණක් නොවේ. ඒ අපේ අතීතයයි. අතීතයත් වර්තමානයත් සම්බන්ධ කරමින්, අභියෝග රැසකට මුහුණ දෙමින්, තම අනන්‍යතාවය පවත්වා ගෙන යාමට උත්සාහ කරන අතීත කතාවල මුල් හිමිකරුවන්ගෙන් පැවත එන ජීවමාන කොටසයි. ඔවුන් සහ සොබාදහම අතර පවතින සමබර බැඳීම, සොබාදහම පිළිබඳ දැනුම අපට කියා දෙන්නේ අපූරු පාඩමකි. ඔවුන්ට සවන්දීම තුළින් තාක්ෂණික ලෝකයත් සමඟ කටයුතු කරන අපට වෙනස්ම දැනුම් පද්ධතියක් විවර කර ගැනීමට අවස්ථාව ලබා දෙයි.
එය මගේ දරුවන්ට ද වෙනස් මෙන්ම නැවුම් අත්දැකීමකි. පුදුමයෙන් පිරි ලස්සන කතාන්දරයකි. අතීතය අමතක කළ නොහැකි ගෞරවණීය සබඳතා වලින් පිරී ඇති බව ඔවුන් අපට නැවත නැවතත් මතක් කර දෙයි. රටක ඉතිහාසය වර්තමානය තුළ හැකි අයුරින් රැකගන්නා, ජීවත් කරවන ඔබට ස්තූතියි.













