ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය තුළ මෙම වසරේ දෙවැනි කාර්තුව තුළ පමණක් රුපියල් කෝටි 600කට ආසන්න ප්‍රමාණයක් වටිනා චෙක්පත් අගරුවී ඇතැයි මහබැංකු වාර්තා පෙන්වා දෙයි.
පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ මේ තත්ත්වය බොහෝ ව්‍යපාර ඇදවැටී ඇති බවට වන පිළිබිඹුවක් බව ව්‍යාපාර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මහබැංකුව නිකුත් කරන ලද දත්තවලට අනුව වසරේ දෙවැනි කාර්තුව තුළ විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් නිකුත් කරන ලද චෙක්පත් 250,000ක් අගරු වී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 59,600ක් හෙවත් රුපියල් කෝටි 5,960 ඉක්මවයි.
මෙම අගය වසරේ පළමු කාර්තුව සමඟ සසඳන විට සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයිග වසරේ පළමු කාර්තුවේදී අගරු වී ඇති චෙක්පත් ප්‍රමාණය 192,000කි. නිකුත් කරන ලද සමස්ත චෙක්පත් අතරින් පළමු කාර්තුවේ අගරු වී ඇති සියයට 2.1ක චෙක්පත් ප්‍රමාණයට සාපෙක්ෂව දෙවැනි කාර්තුවේ චෙක්පත්වලින් සියයට 3.2ක් අගරු වී ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙයි.
වසරේ පළමු කාර්තුව තුළ දළ වශයෙන් දෛනිකව සාමාන්‍යයන් රුපියල් මිලියන 681ක් පමණ වටිනා චෙක්පත් අගරුවී ඇති අතර එය දෙවැනි කාර්තුවේදී දෛනික සාමාන්‍ය රුපියල් බිලියනය පමණ දක්වා වර්ධනය වී ඇති බව ද වාර්තා වී ඇත.
lankasara