• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චරිත එකක් උපාධි තුනක්! Sri Lanka Latest News

November 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
චරිත එකක් උපාධි තුනක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා – හැබැයි තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාල පේන්නේ නැහැ’ යනුවෙන් ජනප්‍රවාදයන්හි කියැවෙනුයේ එක් පසෙකින් කට කහනවාට නොවේ. වර්තමාන ආණ්ඩුවේ තතුත් එලෙසමය. මන්දයත් තම වැරදි එලෙසින්ම තබා විපක්ෂයේ වැරදි නිරන්තරයෙන් සෙවීමට ඔවුහු උත්සුක වෙති. ඒ අනුව වර්තමාන ආණ්ඩුවට ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ උගත්භාවයයි. එහිදී බෝම්බයක් පිපුරුණු කල මෙන් ඇමැති නලින්ද ජයතිස්ස 21 වැනි දින නුගේගොඩ රැස්වීමට පැය කීපයක් තබා පැවැසුවේ නාමල් රාජපක්ෂ හට ඇතැයි කියන උපාධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බවය.

ඒ අනුව නාමල් රාජපක්ෂ හැදෑරූ නීති උපාධි සහතිකයේ අස්සනෙහි ඇති ගැටලුවක් පිළිබඳ ඇමැති නලින්ද පාර්ලිමේන්තු සභා වාරයේදී ඉදිරිපත් කොට ඇත. ඔහු නිරන්තරයෙන් සඳහන් කරනු ලැබුවේ යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් සහතිකය නීති විද්‍යාලයේ පිළිගෙන නොමැති බවය. නාමල් රාජපක්ෂ පෙර සඳහන් කළ පරිදි නම් ඔහු පළමුවෙන් කාඩිෆ් විශ්වවිද්‍යාලයෙන් නීතිය හැදෑරීමට ඇතුළත් වූ අතර පසුව සිටි යුනිවර්සිටි විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 2009 සැප්තැම්බර් මසදී තෙවැනි පන්තියේ නීති උපාධියක් ලබාගත් බවය. මේ සම්බන්ධයෙන් 21 වැනි දින නුගේගොඩ පැවැති රැස්වීමේදී පිළිතුරු දෙන බැව් නාමල් රාජපක්ෂ පැවසුවද ඔහු එය සිදුකළ බවක් දැකගන්නට ලැබුණේ නැත.

ආණ්ඩුව එලෙස දෝෂාරෝපණ දැක්වූයේ නාමල් රාජපක්ෂට පමණක් නොවේ. සජිත් ප්‍රේමදාස මහතා හටද මීට පෙරදී නලින්ද ජයතිස්ස අභියෝග කරනු ලැබුවේ හැකිනම් උපාධි සහතිකය ඉදිරිපත් කරන ලෙසය. ඊට නිසි පිළිතුරු පසුදිනම ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා නම් සමත් විය. එහිදී එතුමා ප්‍රකාශ කරනු ලැබුවේ ‘තමා කිසිදු ජීවදත්ත පත්‍රිකාවක නොලැබූ සුදුසුකමක් සඳහන් කර නොමැති බවත් සියලු කරුණු ඉදිරිපත් කළේ විනිවිදභාවයෙන් යුක්තව බවත් මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් විමසා සත්‍ය අසත්‍යභාව තහවුරු කළ හැකි බවත්, තමා කියන සහ ඉදිරිපත් කරන සෑම දෙයකටම සහතික පත්‍රයකටම තමා වගකියන බවත්, තමා බොරුවක් කර ඇත්නම් මන්ත්‍රීකමෙන් විපක්ෂ නායකකමෙන් ඉවත් වී දේශපාලනයෙන් ද ඉවත් වන බවත්ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීට ඉහත පාර්ලිමේන්තුවේදී තම අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ නිරවද්‍ය සහතිකපත්‍ර සහ ලේඛන සභාගත කරමින් සිදුකළ කතාවේදීය.

එහිදී තමා පෙරපාසල් ආරම්භ කළේ සෙන් බි්‍රජට් කොන්වන්ට් එකෙන් බවත්, 1 වසරේ සිට 5 වසර දක්වා ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් සහ 6 වසරේ සිට 9 වසර දක්වා කොළඹ රාජකීය විද්‍යාලයටත් ගිය බවත්, සාමාන්‍ය පෙළ විභාගයට මෙරටදී පෙනී නොසිටි බවත්, තමා සතුව අස්වීමේ සහතික පවා ඇති බවත්, කනිෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙසත් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත් සිටි බවත්, ඒ සහතික සියල්ල සභාගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය. ඉන් පසුව එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු බවත්, 1983 සහ 1984 කාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි බවත්, තමා සාමාන්‍ය පෙළ අසමත් යැයි w 9ක් ඇති බවට පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙනගිය බවත්, ඒ කාලයේ w යන සාමාර්ථ නොතිබූ බවත්, A සාමාර්ථ සහ B සාමාර්ථ තිබූ බවත්, තමා සාමාන්‍ය පෙළ අසමත් කියන බොරුව සමාජගත කරන අයට මේ සහතික පරීක්ෂා කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ 1984 වසරේ නිවාස ශිෂ්‍ය නායකයකු, 1985දී පාසල් ශිෂ්‍ය නායකයකු, 1986 වෙනකම් ක්‍රිකට් ක්‍රීඩා කර 1985 ක්‍රිකට් කණ්ඩායමේ ලේකම් සහ 1986 ක්‍රිකට් කණ්ඩායමේ නායක පවා වූ බවත්, ඊට අදාළ සාක්ෂි තමා සතු බවත්, 1986දී උසස් පෙළ විෂයන් 3න් 2ක් එනම් දේශපාලන විද්‍යාව හා ව්‍යාපාරික අධ්‍යයනය සඳහා පාසල් ත්‍යාගය පවා ලබාගත් බවත්, උසස්පෙළ ප්‍රතිඵල ලේඛනයද සභාගත කරන බවත්, එයට අනුව උසස් පෙළට B දෙකයි C එකක්ද ඇති බවත්, මේ ප්‍රතිඵල මත පදනම්ව උපාධිය හදාරන්න ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගිය බවත්, ඒ අනුව 1991 දී උපාධිය ලබාගත් බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ඇන්ඩ් පොලිටිකල් සයන්ස් යන විශ්වවිද්‍යාලයෙන් තමාට ලියූ ලිපි සහ උපාධි සහතිකද ඇති බවත්, ඉන් පසුව ඇමෙරිකාවේ යුනිවසර්සිටි ඔෆ් මේරිලන්ඩ් කොලේජ් පාර්ක් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව මාස්ටර් ඔෆ් පබ්ලික් මැනේජ්මන්ට් යන පාඨමාලාව හදෑරූ බවත්, 1991 සහ 1992දී විෂයයන් 8කට මුහුණ දී විෂයන් 6කට A සාමාර්ථ සහ විෂයන් 2කට B සාමාර්ථ ලබාගත් බවත්, ඒවාද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, 1993 මැයි 01 වැනිදා තම පියාගේ අභාවයත් සමග නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලනය කළ බවත්, ඇමෙරිකාවේ මාස්ටර් උපාධිය හදාරන විට වසර 2ක් සෙනට් මණ්ඩලයේ සභිකයකු වූ ලැරී ප්‍රෙස්ලර් යටතේ ස්වේච්ඡා සේවකයකු ලෙස වැඩ කළ බවත්, ඊට අදාළ සහතිකද ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවැසීය. එමෙන්ම 2021 සහ 2022 වසරේ විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බවත්, එයට ඇතුළත් වූ පදනම එහි ආචාර්යවරියක් වූ අගමැතිතුමියත් දන්නා බවත්, පාරිසරික විද්‍යාව සම්බන්ධ මාස්ටර් එකක් එහි සිදුකළ බවත්, එහිදී අගමැතිවරිය පැවැත්වූ පන්තිවලටද සහභාගි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ඔහුගේ පිළිතුරු දීමත් සමග අමාත්‍ය නලින්ද ජයතිස්ස අද වනතුරුත් සජිත් ප්‍රේමදාසට ඇඟිල්ලක් දිගු නොකිරීමට වග බලාගෙන ඇත. එවැනිම කාලවකවානුවක් හමුවේ නලින්ද ජයතිස්ස නාමල් රාජපක්ෂ හට දෝෂාරෝපණ කරනුයේ හුදෙක් එහිද සත්‍ය අසත්‍යභාවය නොදැනද යන්න යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

කෙසේ වෙතත් අනුන්ට චෝදනා කළද මෙම ගැටලුව පළමුව රැගෙන ආවේද වත්මන් ආණ්ඩුවයි. මන්දයත් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල මෙහෙවරක් ඉටු කළේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් වැනි උගත් බුද්ධිමතුන්ය. මෙලෙස ආණ්ඩුව විපක්ෂයට දොස් නැගීමේදී ඔවුන්ගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ බුද්ධිමත්භාවයේ සත්‍ය අසත්‍යතාවය සොයාබැලීමට ඔවුහු උත්සුක නොවෙති. එය නම් අගමැති හරිනි අමරසූරිය ආණ්ඩුවේ මුල් කාලය තුළදී කතානායක ධුරයට අශෝක රන්වල නම්කරනු ලැබුවේ ඔහු හට ආචාර්ය උපාධියක් ඇති බැව් ප්‍රකාශ කරමිනි. එනමුත් මල් පැළ වල් පැළ බවට පත්කරමින් කතානායකගේ උපාධිය පිළිබඳ හෙළිකර ගැනීමේදී සිදුවූයේ ඉතා කෙටි කලක් තුළ ධුරය දැරූ එකම කතානායක ලෙස නම් පටබැඳීමය. ජපන් වසේදා විශ්වවිද්‍යාලයකින් උපාධි සහතික ගෙන්වනවා යැයි පැවැසුවද අද වනතුරුත් එහි කිසිදු තොරතුරක් දීමට අශෝක රන්වලටත්, නලින්දටත්, ආණ්ඩුවටත් හැකියාවක් ලැබී නොමැත.

එවැනි කාලවකවානුවක් හමුවේ නැවතත් නාමල් රාජපක්ෂගේ උපාධිය පිළිබඳ උනන්දු වීමෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් තම ආණ්ඩුවේම වැරදි තිබියදී පවා අනුන්ගේ ගැටලු හුවාදක්වමින් ආණ්ඩුවේ පැටිකිරිය පෙන්නුම් කිරීම ඉතා මුග්ධ ක්‍රියාවක් බව මෙනයින් පසක් කරමු.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක

SendShareShare
Previous Post

කොලොන්නාව ආසනයේ කදවුරු 30ක අවතැන් වී ඉන්න 5000කට සීනි-තේකොළ-කිරිපිටි අරන් කෑම පාර්සල් 5000කුත් බෙදන්න මරික්කාර් සජිත්වත් අරන් ගිහිල්ලා! PHOTOS I Sri Lanka Latest News

Next Post

නුවරඑළියට පැය 70ක් ගල් යුගයේ! හානිය බිලියන ගණනක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.