ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීම සදහා තෙල් මිල ඉහළ නැංවූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියත් එය කිසිසේත්ම පිළිගත නොහැකි තර්කයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
ඒ මහතා සදහන් කරන්නේ ආණ්ඩුවේ ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවකි.
මීට අමතරව තෙල් මිල ඉහළ නැංවීම හරහා යළිත් වතාවක් විදුලි බල, ජල බිල, ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය සේවා රැසක මිල ගණන් ඉහළ නැංවීමට නියමිත බවද දැනගන්නට ඇත.










