• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චමින්දගේ හදිසි ඉල්ලා අස්වීමෙන් සජිත්ට යකා නැගලා! ‘ජරා වැඩ කරන්න එපා! සභාව ඇතුළෙදිම කියපු කතාව මෙන්න! Sri Lanka Latest News

January 14, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
චමින්දට ඇතුළෙන්ම බාධා කරන අදෘශ්‍යමාන හස්තය කව්ද? එතුමා කිසිම වෙලාවක ද්වේෂ සහගතව අදහස් ප්‍රකාශ කරන්නේ නෑ! පාර්ලිමේන්තු නිලධාරීන් චමින්දගේ වරප්‍රසාද කඩනවා නම් බරපතළ ප්‍රශ්නයක්! චමින්ද ‌විජේසිරි වෙනුවෙන් විපක්ෂනායක කෙළින්ම පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධ කණ්ඩායම් සජබයට එක්කර ගනිමින් සහ ආණ්ඩුවේ ජනතා මර්දන වැඩපිළිවෙළට විරෝධය පා සියලු දෙනාම කළු ඇඳගෙන අවුරුද්දේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට යම් ශක්තියක් ගෙන පැමිණියද එදින සිදුවූ එක්තරා සිදුවීමකින් මේ සියල්ල කනපිට හැරී ගිය ආකාරයක් දක්නට ලැබිණි. ඊට හේතු වූයේ සජබ ප්‍රබල තරුණ මන්ත්‍රීවරයකු වන බදුල්ලේ චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට හදිසියේම ප්‍රකාශයක් කිරීම නිසාය. චමින්ද අඟහරුවාදා පෙරවරුවේම පාර්ලිමේන්තුවට පැමිණ කතානායකවරයා මුණගැසී සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට භාරදී සභාගැබට පැමිණීමට කටයුතු කොට තිබිණි. නමුත් ඒ වනතුරුත් සජිත් හෝ සජබයේ කිසිදු මන්ත්‍රීවරයකු හෝ චමින්ද ඉල්ලා අස්වන බවක් දැන සිටියේ නැත. ඒ අනුව චමින්ද සභාගැබට එද්දී එහි සජිත්, ගයන්ත, කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අසුන්ගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

කෙසේ වෙතත් චමින්ද තමන් අද දිනයේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මෙහිදී සජිත්ට දැනුම් දීමත් සමග කිසිවකු නොසිතූ ආකාරයට සජිත් කෝපයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, ඉතා තීරණාත්මක අවස්ථාවකදී කිසිදු පූර්ව සාකච්ඡාවකින් තොරව මෙවැනි බරපතළ දේශපාලන තීන්දුවක් ගැනීම සම්බන්ධයෙනි.

සජිත්ට යකා නගී!

‘මොනවද මේ කරන කැත වැඩ? මේ වගේ දේවල් කරන්න එපා. අපි මේ සන්ධානයක් හදන්න ලොකු වැඩ කොටසක් කරගෙන යන වෙලාවක ඔයගොල්ලෝ කාටවත් නොකියා මේ වගේ තීන්දු ගත්තාම අපි කොහොමද ඉස්සරහට යන්නේ?’ යනුවෙන් කියමින් සජිත් අතපය විසි කරමින් කතා කිරීම නිසා ආණ්ඩු පක්ෂයේ සිටි මැති ඇමැතිවරුන්ටද විපක්ෂය පැත්තේ යම් ගැටලුවක් මතුව ඇති බවක් දැකගන්නට ලැබිණි. එහිදී සජිත්ට නිවුණු හඬකින් උත්තර දුන් චමින්ද විජේසිරි, තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට ගත් තීන්දුවට බලපෑ හේතු සාධක ඉදිරිපත් කරන්නට විය.
මම සර් එක්ක ඉන්නවා

‘නෑ සර් මම ගොඩක් හිතලයි මේ තීන්දුව ගත්තේ. මොකද මම පහුගිය කාලේ වෙච්ච දේවල් ගැන ලොකු කලකිරීමක හිටියේ. මට සර් එක්කවත්, පක්ෂය එක්කවත් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ දේශපාලනය ගැන මම කලකිරිලා ඉන්නේ. ඒ වගේම මම ආණ්ඩුවට යන්නෙත් නෑ. දේශපාලනයෙන් අයින් වෙන්නෙත් නෑ. ටික කාලයක් මට ඉන්න දෙන්න. මම සර් වෙනුවෙනුයි, පක්ෂය වෙනුවෙනුයි දිගටම වැඩ කරනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා…’ යනුවෙන් චමින්ද කියද්දී සජිත් තවත් කෝපයට පත්වූ ආකාරයකින් පිළිතුරු දෙන ආකාරය සියල්ලන්ටම දැකගත හැකි විය.

මම රනිල් වගේ නෙමෙයි!

‘ඕගොල්ලෝ හිතන්න එපා මම රනිල් වික්‍රමසිංහ කියලා. මාව බිත්තියට හේත්තු කරලා වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. මම මේ හැමෝටම එක්කයි කියන්නේ. අපි වැඩ කරනවා නම් අවංකවම එකා වගේ වැඩ කරමු. මෙහෙම ගියොත් මටත් යම් යම් තීන්දු තීරණ ගන්න වෙනවා…’ යනුවෙන් කියද්දී සියලු දෙනාම තුෂ්ණිම්භූතව සජිත් දෙස බලා සිටි ආකාරයක්ද දැකගත හැකි විය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී සිය කතාව සිදුකළ චමින්ද, විපක්ෂ නායක සජිත් තමන්ට දේශපාලනයේදී පියෙක් මෙන් උදව් උපකාර කළ බව කියමින් සජිත් ගැන විශාල වර්ණනාවක් කිරීමට කටයුතු කළේය. එමෙන්ම අඟහරුවාදා පස්වරුවේ සජිත්ට පණිවුඩයක් එවූ චමින්ද, තමන් සවස මාධ්‍ය හමුවක් පවත්වන බවත්, එහිදීද මෙම කරුණ පැහැදිලි කිරීමට කටයුතු කරන බවත් කියා සිටියේය. ඒ කී ආකාරයටම සවස පැවැති මාධ්‍ය හමුවේදීද සජිත්ව ඉහළින්ම වර්ණනා කරමින් කතා කළ චමින්ද, තමන් ඉදිරියේදීද නැවත වතාවක් දේශපාලනයට පිවිසෙන බවද සඳහන් කර සිටියේය. එමෙන්ම සක්වළ වැඩසටහන හරහා සජිත් රටේ පාසල් දරුවන් වෙනුවෙන් සිදුකරන මෙහෙය ඉතා ඉහළින් අගය කොට කතා කිරීමටද චමින්ද එහිදී පියවර ගත්තේය.

මඩ වැඩ පටන් ගනී!

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය සූදානමින් සිටියේ චමින්දගේ ඉවත් වීම හරහා සජබය ඇතුළේ ප්‍රශ්නයක් මතුව ඇති බවත්, සජබය දෙකඩ වී ඇති බවත් කියමින් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් රැගෙන යෑමටය. නමුත් චමින්ද මාධ්‍ය හමුවේදී සජිත්ව වර්ණනා කරමින් නැවත දේශපාලනයට පිවිසෙන බව සඳහන් කිරීම නිසා ආණ්ඩුවට ඒ මාධ්‍ය චූන් එක ගැනීමට නොහැකි විය. නමුත් සුපුරුදු පරිදි චමින්ද ඉලක්ක කරගෙන ආණ්ඩුව පැත්තෙන් මඩ ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ඒ, මෙම ඉල්ලා අස්වීම පසුපස ලක්ෂ 900ක ගනුදෙනුවක් සිදුව ඇති බවටත්, චමින්දගෙන් පසුව පාර්ලිමේන්තුවට තේරීපත් වන ඊළඟ නියෝජිතයා වූ නයන වාසලතිලක නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඔස්ටේ්‍රලියානු පුරවැසියකු බවටත් වශයෙන් පුවතක් ප්‍රචාරය කිරීම හරහාය. ඇතැම් සමාජ මාධ්‍ය ජාල වාර්තා කොට තිබුණේ කෝටි 20ක් ලබාගෙන චමින්ද මන්ත්‍රීකමෙන් ඉවත් වූවා යැයි කියාය. මේ පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමටද පියවර ගත්තේය. මහින්දානන්ද එහිදී කියා සිටියේ ලක්ෂ 900ක් ලබාගෙන චමින්ද ඉල්ලා අස්වූ බව මාධ්‍ය වාර්තා කොට ඇති බවත්, චමින්දගේ පුටුවට එන ඊළඟ තැනැත්තා ඔස්ටේ්‍රලියානු පුරවැසියකු බවත්, මෙය පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කිරීමක් බවත්ය.

ෆොන්සේකා උත්තර දෙයි!

කෙසේ වෙතත් කවුරුත් පුදුමයට පත්කරමින් ඊට පිළිතුරු ලබාදීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය. ෆොන්සේකා චමින්ද වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ චමින්ද යනු, ඪ8 රථයකින් පාර්ලිමේන්තු පැමිණ ඇල්ටෝ රථයකින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ගෙදර ගිය අයකු බවත්, ඇතැමුන් මෙන් C 90 එකකින් පාර්ලිමේන්තු පැමිණ, V8 එකෙන් ගෙදර යන අයකු නොවන බවත්ය. එමෙන්ම චමින්දගේ පුටුවට පැමිණීමට නියමිත නයන වාසලතිලක පිළිබඳවද ෆොන්සේකා මෙහිදී විශේෂ අනාවරණයක් කළේය. ඒ, ඔහු ඔස්ටේ්‍රලියානු ද්විත්ව පුරවැසියකු නොවන බවත්, ඔහුට ඔස්ටේ්‍රලියාවේ ස්ථිර නේවාසිකභාවය PR පමණක් ඇති බවත්ය. ඒ අනුව, මහින්දානන්ද පාර්ලිමේන්තුවට කළ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බවද ෆොන්සේකා කියා සිටියේය.

කව්ද මේ වාසලතිලක!

ඒ අනුව අපද චමින්දගේ පුටුවට පැමිණීමට නියමිත මේ නයන වාසලතිලක පිළිබඳ යම් සොයාබැලීමක් කළෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ නයන වාසලතිලක ඔස්ටේ්‍රලියාවේ කන්ටේනර් බහාලුම් සම්බන්ධ ව්‍යාපාරයක නිරතව සිටින කෝටිපති ව්‍යාපාරිකයකු බවය. පසුගිය මහ මැතිවරණයේදී සජබයෙන් බදුල්ලට තරග කිරීමට කටයුතු කළ වාසලතිලක අවසන් වරට පැවැති ශ්‍රී ලංකා 20-20 ලීග් තරගාවලියේදී ගෝල් ටයිටන්ස් පිලේ හිමිකාරීත්වය දැරීමටද කටයුතු කොට තිබිණි. කුරුණෑගල සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර, නයන වාසලතිලකගේ සමීප හිතවතකු නිසා එවකදී නලින් බණ්ඩාරද ශ්‍රී ලංකා ලීග් තරග පිටියේ නිවේදකයකු වශයෙන් කටයුතු කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. මීට අමතරව සජබයට අසීරු අවස්ථා ගණනාවකදීම මූල්‍යමය වශයෙන් උපකාර කිරීමටද වාසලතිලක කටයුතු කොට තිබිණි. චමින්ද මේ කියන වාසලතිලකගෙන් ලක්ෂ 900ක් ගෙන මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වූ බවට වූ මඩ ප්‍රචාරය දියත් වූයේ බොහෝ දුරට මේ නිසා විය යුතුය.

C 90 කතාව කිව්වේ ඇයි!

කෙසේ වෙතත් ෆොන්සේකා චමින්ද ගැන සඳහන් කරමින් මහින්දානන්දට ක්‍90 කතාවක් කියමින් පිළිතුරු දීම පසුපසද කිසියම් හේතුවක් තිබේ. ඒ, මීට පෙර අවස්ථාවකදී මහින්දානන්ද හා නලින් බණ්ඩාර අතර පාර්ලිමේන්තුවේ සිදුවූ උණුසුම් කතාබහකදී නලින් බණ්ඩාර, මහින්දානන්ද යනු ක්‍90 එකකින් පාර්ලිමේන්තු පැමිණි සේල්ස් රෙප් කෙනකු වශයෙන් රැකියාව කළ අයකු බව සඳහන් කර තිබීමය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මහා භයානක තත්ත්වයක්! සියදිවි නසාගැනීම් ක්‍රමයෙන් වැඩිවෙයි! Sri Lanka Latest News

Next Post

දැනට දෙකක් ඇති! අපටත් දුකයි! Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.