ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට ශ්‍රි ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
මහ බැංකු මුදල් මණ්ඩලය ඊයේ රැස්වු අවස්ථාවේ දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහය.
මහ බැංකුව ප්‍රකාශ කළේ මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 100 බැගින් ඉහළ නංවා ඇති බවයි.
ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වාද ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වා ද ඉහළ යනු ඇත.
පොලි අනුපාත බලාත්මක කිරිමට අදාළ උපදෙස් ඉදිරියේ දි නිකුත් කිරිමට නියමිතයි.
මේ අතර ණය කාඩ්පත් මත අයකළ පොලිය ද සියයට 20 දක්වා ඉහළ දමා ඇති අතර ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ දමන ලෙසද මහ බැංකුව විසින් රජයට නිර්දේශ කර ඇත.










