• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

CCTVවලින් පොලිසියේ රෙදි ගැලවෙයි: සම්පායෝ ගැන බොරු ලියලා: මාධ්‍ය ප්‍රකාශකත් අමාරුවේ: නීතිපති තදින් සිටී

August 20, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
CCTVවලින් පොලිසියේ රෙදි ගැලවෙයි: සම්පායෝ ගැන බොරු ලියලා: මාධ්‍ය ප්‍රකාශකත් අමාරුවේ: නීතිපති තදින් සිටී
Share on WhatsAppShare on Facebook

මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමේදී සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවට මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අසත්‍ය සටහන් යොදා තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් කොට ඊට අදාළ වාර්තාවක් නොපමාව ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් ලද CCTV රූපරාමු පරික්ෂා කිරීමේදී එය අත්අඩංගුවට ගැනීමක් නොවන බවට පැහැදිලිව පෙනී ගොස් ඇති බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මෙහිදී සඳහන් කළාය.

අනුරුද්ධ සම්පයෝ පොලිස් භාරයට ගත් ස්ථානයේ තිබු CCTV රූප රාමු අනුව මිගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් රැගත් ජීප් රථය සහ සම්පයෝගේ සහෝදරයා ඇතුළු තවත් පිරිසක් රැගත් වෑන් රථයක් එම ස්ථානයට වී වරෙන්තු නිකුත්ව තිබු සැකකරු එම ස්ථානයට පැමිණෙන තෙක් බලා සිටින අයුරු නිරීක්ෂණය වී තිබේ.

එලෙස ඔවුන් සිටින ස්ථානයට අනුරුද්ධ සම්පයෝ රතු පැහැති මෝටර් රථයකින් පැමිණි බවත්, ඔහු එම වාහනයෙන් බැස පොලිස් ජීප් රථය දෙසට ඇවිද ගෙන යමින් සිටියදී සිය ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගෙන කතා කරමින් පැමිණ එම ඇමතුමේ සිටි පුද්ගලයා සමග සම්බන්ධ වීමට මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට ද ඉඩ සලසා දී ඇති බවට නිරීක්ෂණය වන බවත් නීතිපතිවරයා මෙහිදී වැඩබලන පොලිස්පතිවරයාට දන්වා යවා ඇත.

එහිදී මිගමුව මුලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා විසින් අනුරුද්ධ සම්පායෝගේ ශරිරයට අත තබමින් ඔහුව සුහඳව පිළිගන්නා අයුරු පැහැදිලිව නිරීක්ෂණය වන බැවින් එය වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමක් නොව වරෙන්තුකරුවෙකු පුර්ණ සැලසුමක් සහිතව පිළිගැනීමක් බව ඕනෑම අයෙකුට පෙනී යන කරුණක් බව නීතිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

ඉන්පසුව මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා මාංචු නොමැතිව සිටි අනුරුද්ධ සම්පායෝව ජීප් රථයේ පසුපස අසුනේ හිඳ ගැනීමට ඉඩ සලස්වා ඒ වන තෙක් ජීප් රථය පසුපස නවතා තිබු වෑන් රථයෙන් පැමිණි පිරිසට ඔහු සමග නිදහසේ හැසිරිමට ඉඩ හැර තිබෙන අයුරු නිරීක්ෂණය කොට ඇත.

එම අවස්ථාවේදී මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා යම් අයෙකු එම ස්ථානයට පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් යුතුව සිටින බවට පෙනී ගොස් ඇති අතර, පසුව එම ස්ථානයට පැමිණි එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුට ඔහුගේ ජංගම දුරකථනයෙන් අනුරුද්ධ සම්පායෝට කරුණු දැක්වීමට පොලිස් ස්ථානාධිපතිවරයා විසින්ම ඉඩ සලස්වා එය වරෙන්තුකරු සාර්ථකව අත්අඩංගුවට ගන්නා ආකාරය මහජනතාවට ඒත්තු ගැන්වෙන ආකාරයට පෙන්වීමට ඔවුන් දෙදෙනා සාමුහිකව කටයුතු කර ඇති අයුරු CCTV රූප රාමුවල පැහැදිලිව දක්නට ලැබෙන බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරුණු දන්වා ඇත.

ඒ අනුව මෙවැනි සාවද්‍ය කරුණු පදනම් කර ගනිමින් සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකින් වරෙන්තුකරු අත්අඩංගුවට ගත් බවට පොලිස් පොතේ අසත්‍ය සටහන් යෙදීම සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට විරුද්ධව වහා විමර්ශනයක් කොට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය ප්‍රකාශ කර සිටියාය.

එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අවස්ථා ගණනාවකදී මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශ නිකුත් කරමින් මෙය ‘උපක්‍රමශිලිව, සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකින් වරෙන්තුකරු අත්අඩංගුවට’ ගත් බව කියමින් මහජනතාව නොමග යවන ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිවද විමර්ශනයක් සිදුකොට කරුණු වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

එමෙන්ම මෙම සිදුවීමට අදාළ CCTV වීඩියෝ පටයන් මිගමුව මහේස්ත්‍රාත්වරියට, ආරක්ෂක ලේකම්වරයාට, ජාතික පොලිස් කොමිසමට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද දිනයේදී නීතිපතිවරයා විසින් යොමු කරනු ලැබූ බවද නිතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

SendShareShare
Previous Post

විග්නේෂ්වරන් පළමු කතාවෙන්ම අයිතිය ඉල්ලයි

Next Post

ගෝඨා ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව ඉදිරියේ තියයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.