• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අහුවෙන්නෝ’ Sri Lanka Latest News

January 20, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ඡන්දේ ළං ළං වෙනකොට දෙන පොරොන්දු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘අහුවෙන්නෝ’ ලෙස නම්කර ඇති එම වීඩියෝව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්නෙමු. Sri Lanka Latest News

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අහුවෙන්නෝ’. එක එක දේවල්වලට අහුවෙන්නෝ පිළිබඳව තමයි අද අපි කතාකරන්නේ. මේක අර්ධ නාගරික ප්‍රදේශයක වෙච්ච සිදුවීමක්.
චූටි මල්ලි
මොකද බං… උඹ අර කෙල්ලට අහුවුණා නේ…?
පොඩි මල්ලි
නෑ ඉතිං…
චූටි මල්ලි
නෑ ඉතිං තමයි. මට කිව්වා. අන්න උඹලගෙ අම්මා අඬනවා…
පොඩි මල්ලි
මෙහෙමනේ… ආදරේ කළානේ.
චූටි මල්ලි
ආදරේ කළා තමයි. මම දැක්කා බං අරගෙන යනකොට අතේ එල්ලීගෙන. මම කියන්නත් හදලා උඹට සෙට් වෙන්නේ නෑ කියලා, කිව්වේ නෑ. උඹ හිතයි මම ඉරිසියාවට කියනවා කියලා. දැන් අපි බලහංකො. ලෝකල් නෑනේ මගේ සම්බන්ධතා. ඔක්කොම ඉන්ටර්නැෂනල්. මම ලංකාවේ කෙල්ලන්ට සෙට් වෙන්නේ නෑනේ. මොනවද උඹ ඒකිට අරගෙන දුන්නේ…?
පොඩි මල්ලි
මම පෙන්ඩන්ට් එකක් අරගෙන දුන්නා. ෆෝන් එකක් අරගෙන දුන්නා ලක්ෂ දෙකහමාරකට.
චූටි මල්ලි
ඊට පස්සේ…?
පොඩි මල්ලි
ඊට පස්සේ ඉතිං කනබොන ඒවා. ඒවා නම් ඉතිං මාත් කෑවනේ බං.
චූටි මල්ලි
කාපුවා ගණන් තියන්න එපා බං. ඒවා බඩගින්නටනේ.
පොඩි මල්ලි
කොහොම හරි ලක්ෂ තුන හතරක් ඉතිං කුඩු.
චූටි මල්ලි
මාස දෙක තුනට නේ…?
පොඩි මල්ලි
ඔව්…
චූටි මල්ලි
දැන් බඳිනවලුද ඒකි…?
පොඩි මල්ලි
ඔව් දැං අර වෙන කොල්ලෙක් සෙට්වෙලානේ. අස්සන් ගත්තද කොහෙද.
චූටි මල්ලි
ඕකනේ කියන්නේ. මම නෑනේ බං ඔය වගේ ලෝකල් වැඩ. කෙළින්ම ඉන්ටර්නැෂලන්. උඹ දැක්කනේ මගේ අලුත් සුද්දි. කෝටිපතියෝ. උඹලා මේ චූටි කෙල්ලන්ට නිකන්ම අහුවෙනවනේ බං.
ඔන්න ආයෙත් දවස් කීපයකට පස්සේ මේ යාළුවෝ දෙන්නා ආයෙත් මුණගැහෙනවා…
පොඩි මල්ලි
උඹට මොකක්ද කරදරයක් වුණා කියලා අපේ අයියා කිව්වා…?
චූටි මල්ලි
කරදරයක් නෙවෙයි. අර සුද්දි. අපි ගියානේ හපුතලේ හෝටලයක් බලන්න. කොටි ගානක් වටිනවා. අයිතිකාරිගෙ මනුස්සයා මැරිලා. එයාට කරගෙන යන්න බෑ කියලා, අපි ඔක්කොම කතාකරගෙන තිබුණේ. ඉඩම සුද්දිගෙයි මගෙයි නමට ගන්න හිටියේ. ඒ හෝටලේ කරමු කියලා, සුද්දිගේ රට සල්ලි තියෙනවා කියලා ඒවා ගෙන්නගන්න ඕනේ කියලා, ඔප්පු ලියන්න ලෝයර්ස්ලටත් කතා කරලා තිබුණේ. අන්තිම මොහොතේ මේ ගෑනි කියනවා, මාර වැඩේ, ඔක්කොම සල්ලි ආවා, ට්‍රාන්සර් කරනකොට ඩොලර් එහෙම වෙනස් වෙනවනේ, ලක්ෂ 50ක පොඩි අඩුවක් තියෙනවා කියලා. ආණ්ඩුවටත් බැණ බැණ, මේ ඉන්න නිලධාරීන් මොනවද කරන්නේ මෙච්චර ලොකු ආයෝජනයක් කරද්දී කියලා කිව්වා. මම කිව්වා ඕවා එච්චර හිතන්න එපා මම ඒ ලක්ෂ 50 හොයලා දෙන්නම් කියලා මගේ ගේ උකස් තියලා ලක්ෂ 50ක් දුන්නා. හෝටලේ ඉතිං අපි දෙන්නට ලියනවනේ කියලා. දුන්නා දුන්නම තමයි. මේ ගෑනි කෝල් එක ආන්සර් කළේ නෑ. මම හිතුවා සිග්නල් නැතුව කියලා. දවසක් දෙකක් ඉඳලා තමයි මම හොයන්න පටන්ගත්තේ. මගේ ලක්ෂ 50 අරගෙන අනිත් පැත්තට කටුනායකින් ඒකි ගිහිල්ලා. හෙණ හෙරක්….
පොඩි මල්ලි
අපි නං ඉතිං අහුවුණේ ලක්ෂ දෙක තුනකට…
චූටි මල්ලි
හරි හරි… ඒවා කියන්න එපා දැං….

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අහුවෙන්නෝ’. අපේ ජීවිත කාලෙ පුරාම අපිට සිද්ධ වෙන දෙයක් තමයි මේ. අහුවෙන එක. ඉස්සරත් අහුවුණා. දැනුත් අහුවෙනවා. හෙටත් අහුවෙනවා. ඔන්න තවත් ඒ වගේ අහුවිල්ලක් ගැන කතාවක් මේ.
චූටි මල්ලි

එන්ජිමත් තිබ්බා. ගියර් බොක්ස් එකත් තිබ්බා.
පොඩි මල්ලි
අයියෝ… මොකක්ද බං ඕක…?
චූටි මල්ලි
නියම එන්ජිම අරකයි මේකයි කියලා මට දුන්නේ.
පොඩි මල්ලි
දහිරවාට්ටුවක් නේද එහෙන්පිටිම්ම?
චූටි මල්ලි
ඔව්… මට කිව්වේ කොහොමද. ප්ලේන්ටිය පීරිසියට දාලා, දහඅට වංගුවේ යන ගමන් බොන්න පුළුවන් කිව්වා.
පොඩි මල්ලි
පරණ කතානේ බං. දැං දහඅට වංගුව කොහොමත් ගන්න පුළුවන්. ඒ ඉස්සර කතානේ බං.
චූටි මල්ලි
විකුණන්නේ නෑ කිව්වා, දරුවෙක් වගේ කිව්වා.
පොඩි මල්ලි
ඉතිං උඹ අහුවුණා නේ? ඌ බ්‍රෝකර් කෙනෙක්නේ බං. උගෙන් වාහන ගන්නවද? හිටපංකො මම උඹට වැඩක් කරන්න.
චූටි මල්ලි
මොකක්ද?
පොඩි මල්ලි
කුරුණෑගල මගේ ඉඩමක් තියෙනවනේ. ඒකට ඉන්වෙස්ටර් කෙනෙක් හම්බවුණා මට.
චූටි මල්ලි
මොනවා කරන්නද?
පොඩි මල්ලි
වාහන ෆැක්ටි්‍රයක් දාන්න. ලංකාවේ වාහන ගහන්න යන්නේ. ඊට පස්සේ ඉතිං ලෝකෙටම වාහන යවනවා අපි. උඹට ඒකෙන් එකක් හෙමීට දෙන්නං. දාහක් දෙදාහක් හදද්දී පුළුවන් නේ බං හෙමීට එකක් උඹට දෙන්න. බ්‍රෑන්ඩ් නිව් එකක්ම දෙන්නං.
චූටි මල්ලි
කොච්චර කල් යයිද?
පොඩි මල්ලි
අපෝ එච්චර කාලයක් යන්නේ නෑ බං. දඩ බඩ ගාලා වැඩේ පටන්ගනී. සුද්දොනෙ බං. අපේ එවුන් වගේ නෙවෙයිනෙ. මාස තුනකින් වරෙං මම උඹට කාර් එකක් දෙනවා.
ඔන්න දැන් මාස තුනක් හතරක් ගතවුණා. දවසක් අර යාළුවො දෙන්නා ආයෙත් මුණගැහෙනවා.
චූටි මල්ලි
කොහොමද වැඩේ…?
පොඩි මල්ලි
මොන වැඩේද?
චූටි මල්ලි
කාර් ෆැක්ටරිය දැන් හදනවා නේද?
පොඩි මල්ලි
අපරාදෙ මගෙ සල්ලි ටික. ඉඩමත් සුද්ද කරලා. අපරාදෙ… මතක් වෙනකොට මට යකා වැහෙනවා. කාලකණ්ණි…
චූටි මල්ලි
ඇයි මොකක්ද වුණේ…?
පොඩි මල්ලි
ගිහිං බලපං… එහෙම එකක් නෑ.
චූටි මල්ලි
එහෙම එකක් නෑ කියන්නේ….?
පොඩි මල්ලි
එහෙම කොම්පැනියක් නෑ බං. සුද්දෙක් ඇවිල්ලා තව කට්ටියක් එක්ක ඉංගිරිසියෙක් කතා කරලා, කොම්පියුටරෙන් මට පෙන්නුවා ෆැක්ටරිය හදලා වාහන එළියට එනවා. මමත් තිබ්බ සල්ලිත් දාලා, ඉඩමත් සුද්ද කරලා, කොන්ක්‍රීට් එකත් දාලා දුන්නා. ඌ තව සල්ලි වගයකුත් ගත්තා ලයිසන් එකකට කියලා. කෝටි ගානක් ඉවර වුණා බං. කාලකණ්ණියෙක් බං. එහෙම ෆැක්ටරියකුත් නෑ. හොරුන්ට අහුවෙනවා අපි…

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අහුවෙන්නෝ’. රට යවනවා කියලා සල්ලි අරගෙන හොරුන්ට අහුවෙන එක අපේ රටේ හරියට සිද්ධ වෙන දෙයක්. මේ තවත් ඒ වගේ හොරෙකුට අහුවෙච්ච කෙනෙක් ගැන කතාවක්.
චූටි මල්ලි

කිව්වා නේද.. කිව්වා නේද…? මම කිව්වා නේද ඔය ඒජන්සිය හොර එකක් වෙන්න ඇති කියලා…? කීයක් බැන්දද දැං…?
පොඩි මල්ලි
75,000යි බැන්දේ.
චූටි මල්ලි
ඇති යන්තං 75,000න් බේරුණා.
පොඩි මල්ලි
තව 75,000ක් දෙන්න කිව්වා. ඒක දෙන්න බැරි වුණානේ.
චූටි මල්ලි
ඔෆිස් එකක ගෑනියෙක් ෆෝන් එකකින් කතා කර කර ඉන්නවා දැක්කොත් උඹලා හිතන්නේ නියම ඒජන්සියක් කියලා. මට කියනකොට තේරුණා උඹ අහුවෙනවා කියලා. දැං ඉතිං 75000ට හිත හදාගනිං. හිටපංකො මම ඒජන්සියක් පටන්ගන්නවනේ.
පොඩි මල්ලි
මොකක්ද?
චූටි මල්ලි
මම රට යවන ඒජන්සියක් පටන්ගන්න යන්නේ. මට පාට්නර් කෙනෙකුත් හම්බවෙලා ඉන්නේ. මට ඇත්තටම වුණේ, මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. එයා කිව්වා මොකක් හරි පටන්ගමු කියලා. පස්සේ මම හොයලා බලලා ඩයල් එකක් සෙට් කරගත්තා පිටරට ඉන්න. මිනිහා ඒජන්සියක් ලොකුවට කරනවා. මිනිහා ගාව රුමේනියාවේ ජොබ් තියෙනවා ඕනේ තරම්. උඹ බයවෙන්න එපා. මම උඹට ජොබ් එකක් සෙට් කරලා දෙන්නම්…
ඔන්න දැන් මාස කීපයකට පස්සේ මේ යාළුවො දෙන්නා ආයෙත් මුණගැහෙනවා…
පොඩි මල්ලි
මගේ රට යන වැඩේ හරිද බං…?
චූටි මල්ලි
මොකක්ද…?
පොඩි මල්ලි
රුමේනියා යවන වැඩේ…?
චූටි මල්ලි
රුමේනියා තමයි. කාලකණ්ණියා මාව කෑවනේ….
පොඩි මල්ලි
ඇයි බොරුවක් කරලා සල්ලි අරන් පැන්නද?
චූටි මල්ලි
පැන්නේ නෑ බං. මගේ අර ගර්ල් ෆ්‍රෙන්ඩ් දැන් ඌත් එක්ක යාළුවෙලා, උන් දෙන්නා මාව හලලා ඒ බිස්නස් එක දැං කරගෙන යනවා බං…

Chooty Malli Podi Malli ඵ්කකස යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

‘දුන් පොරොන්දු ඉටු කරපන් – කයිවාරුව නවත්වපන්..! ‘පච කෙළිනා ආණ්ඩුවක්-පිස්සු කෙළින ආණ්ඩුවක්..! ඉසුරුපාය ඉදිරිපිට තිබ්බ ආන්දෝලනාත්මක උද්ඝෝෂණයෙන් පසු පාසල් සංවර්ධන නිලධාරීන් අද කොටුව වටලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නවතම පෙරළිය: ශ්‍රී ලංකාවේ ප්‍රථම Beauty Snack එක Motha නිවසින්! Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.