සෞඛ්‍ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් අරඹා කරුණු සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් විවිධ ප්‍රදේශවලින් කැදවූ ජනතාව සහභාගි කරවා ගෙන කොළඹදී පැවැත්විණ.









