මේ වන විට අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින පුරවැසියන්ට සහන සැලසීම වෙනුවට එම විෂය භාර අමාත්‍යවරුන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් නත්තල සැමරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සූදානම් වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
“නත්තල් ළඟ ළඟ එනවා. නත්තල් උත්සවය සමරන්න කොළඹ නගරය විදුලි බුබුළුවලින් සරසන්න සංචාරක ව්‍යාපාරය භාර ඇමැතිවරු ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සැලසුම් කරනවා මම දැක්කා. කාරණය කුමක්ද? සාක්කු හිස්. ලංකාව ලෝකයේ හැම රටකින්ම හිඟාකන රටක් බවට පත්වෙලා. ව්‍යාජ සංදර්ශනවලින් පසු හිස් සාක්කු තමයි තියෙන්නේ’ යැයි සඳුදා පැවති දිව්‍ය පූජාවක් අතරතුර උන්වහන්සේ මෙසේ පැවසීය:
දැනට මුදල් මුද්‍රණය කර බෙදාහරින බව කී අගරදගුරු රංජිත් හිමිපාණන්, රටකට මේ ආකාරයෙන් ඉදිරියට යා නොහැකි බව පැවසීය.
නායකයින්ට දුප්පත් ජනතාව ගැන සැබෑ සැලකිල්ලක් තිබේ නම් ඔවුන් පාර්ලිමේන්තුවේ කාලය නාස්ති නොකරන බවත්, ඒ වෙනුවට ජනතාව වෙත ගොස් ඔවුන්ගේ දුක් වේදනා ගැන සොයා බලන බවත් උන්වහන්සේ සදහන් කළේය.
කෙසේ වෙතත්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ රාජකාරිය පසෙකලා පාර්ලිමේන්තුවේදී එකිනෙකාට චෝදනා කර ගන්නා බව උන්වහන්සේ කීහ.










