කුකුළු කෑම ආනයනයට තිබෙන බාධා හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු කර්මාන්තකරුවෝ කබලෙන් ළිපට වැටී ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විට බොහෝ පිරිසක් කුකුළු කර්මාන්තයෙන් ඉවත් වී සිටින අතර එම නිසා කුකුල් මස් සහ බිත්තරවල මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.
ඉදිරියේ දී බිත්තරයක මිල රුපියල් 50ත් 55ත් අතර මිලකට ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.
කුකුළු කෑම ආනයනයට තිබෙන බාධා ඉවත් කරන්නේ නම් අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ආහාර වන බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළ දැමිය හැකි බව ද අඩු මිලට ජනතාවට ඒවා ලබා දිය හැකි බව ද අජිත් ගුණසේකර මහතා කීය.
තවදුරටත් කුකුළු කෑම ආනයනයට සීමා පැනවෙන්නේ නම් බොහෝ ව්‍යාපාරිකයින් එම කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඈත්වීමට සූදානමින් සිටින බවද ගුණසේකර මහතා කීය.










