• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ID එක නැතිව ගේ ඉස්සරහා කඩේට ආ ජැක්සන් ඇන්තනීගේ නීතිවේදී බෑණනුවන් සිවිල් පිට සිටි පොලිසියෙන් කුදලගෙන ගිහින්! ත්‍රීවීල් එකේ දාගෙන යන ගමන් කුණුහරුපෙනුත් බැනලා! ID එකත් අරන් පොලිසියට ආ බිරියටත් බැනවැදිලා! ජනපතිතුමනි.. මහජන ආරක්ෂක ඇමැතිතුමනි.. පොලිස්පතිතුමනි..! මේ ගැන වහාම සොයා බලන්න! නීතිය ක්‍රියාත්මක කරන්න! VIDEO I Sri Lanka Latest News

December 21, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
ID එක නැතිව ගේ ඉස්සරහා කඩේට ආ ජැක්සන් ඇන්තනීගේ නීතිවේදී බෑණනුවන් සිවිල් පිට සිටි පොලිසියෙන් කුදලගෙන ගිහින්! ත්‍රීවීල් එකේ දාගෙන යන ගමන් කුණුහරුපෙනුත් බැනලා! ID එකත් අරන් පොලිසියට ආ බිරියටත් බැනවැදිලා! ජනපතිතුමනි.. මහජන ආරක්ෂක ඇමැතිතුමනි.. පොලිස්පතිතුමනි..! මේ ගැන වහාම සොයා බලන්න! නීතිය ක්‍රියාත්මක කරන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැවැන්ත කලාකරුවකු ලෙස රටම හදුනාගත් ජැක්සන් ඇන්තනි මහතාගේ බෑණනුවන් වූ කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා හට අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සිවිල් පිට පැමිණ අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් ඇත.Sri Lanka Latest News

ඒ, නිවස ආසන්නයේ පිහිටි වෙළෙදසැලක් වෙත පැමිණෙමින් සිටියදීය.

කෙසේවෙතත් වාර්තා වන අන්දමට පොලිසිය අත්තනෝමතික ලෙස හැසිරෙමින් සිය බලය ඉක්මවා කටයුතු කොට ඇති බවක් දැකගන්නට තිබේ.

මෙය කිසිසේත්ම සිදුවිය යුත්තක් නොවේ.

මන්ද යත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජනතාව සිය ඡන්දය භාවිත කළේ සමස්ත ක්‍රමයේම වෙනසක් බලාපොරොත්තුවෙනි.

පොලිසියට කියා එහි වෙනසක් නැත.

පොලිසියේ ඉතිහාස ක්‍රියාකාරකම් දෙස බැලීමේදී මහජනතාව පොලිසිය පැත්තෙන්ද ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වූහ.

නමුත් පෙනෙන්නට ඇත්තේ පොලිසිය තවමත් පරණ පුරුදු පාරේ යමින් සිටින බවය.

එමනිසා ජනාධිපතිවරයාත්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාත්, පොලිස්පතිවරයාත් වහාම මීට මැදිහත්ව මේ පිළිබද සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

පොලිසිය ජනහිතකාමී මහජන සේවාවක් බවට පත්කළ යුතුය.

මේ සම්බන්ධයෙන් හීනටිගල මහතා තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.

‘අද සවස 6.30 ත් 7ත් අතර යම් වෙලාවක මා පදිංචිව සිටින ‘හබරකඩ නිවස’ පෙනෙන මානයේ ඇති සිල්ලර කඩයකට ගියේ නිවසට අත්‍යාවශ්‍ය බඩුමුට්ටු කිහිපයක් රැගෙන ඒමටයි. කඩයෙන් මා පිටතට එත්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යැයි කියාගත් තිදෙනෙකු (මට ඔවුන්ගේ මුහුණු ඉතා හොඳින් මතකය) මගේ ගමන් මඟ හරස් කළේය. ඇයි කියා මා ඇසූ විට ගෙවල් කොහෙද කියා ඉන් අයෙකු ඇසීය. ‘අර අතන’ කියා මා නිවස පෙන්වීමි. ‘අයි ඩී ගන්න’ තවකෙකු කී ය. නිවස ඉදිරිපිට කඩයට ඒමට අයිඩී කුමකටද කියා මම ඇසීමි. ‘මූව දාගනින්’ කියා එවිට තවකෙකු කී ය. මොවුන් ළඟ දැඩි අරක්කු ගඳ ය. මොවුන් රාජකාරියේ නිරතව සිටියේ බීමතින් බව ඉන් දැනුණි. දෙදෙනෙකු බලහත්කාරයෙන් මාගේ අතින් අල්වාගෙන මා ඔවුන්ගේ ‘පොලිස් ත්‍රීවිලයට’ දමාගත් අතර ‘ගෙදෙට්ට යං අයි ඩී එක බලන්න කියා’ කීවේය. මා ඊට එකඟ වූ නමුත් ඔවුන් කෙළින්ම ගියේ මගේ ගෙදරට නොව අතුරුගිරිය පොලීසියට ය.

එන අතරමඟ ත්‍රීවීලයේදී දෙදෙනෙකු මා තරයේ අල්වාගෙන සිටියේ අමානුෂික ආකාරයෙනි. එවිට මා ඔවුන්ට කීයේ, ‘මගේ ශරීරයට අත තැබීමට තමුන්ට අයිතියක් නැති බවත්, මා නීතිවේදියෙකු බවත්’ ය. ‘එවිට තෝ කාගෙ කවුද අපි දන්නවා රට කාපු වේසිගෙ පුත්තු’ කියා මෙම ‘පොලිස් මහතුන්’ මට තග දැමුවේය. ඔවුන් මගේ අතින් අල්වාගෙන හුන් ‘පහරවල්’ වලින් පෙනෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ‘වධ හිංසාවෙන් මිදීමට’ (Right to Torture) ඇති මගේ නීතිමය රැකවරණය දැඩි ලෙස උල්ලංඝණය වී ඇති බවයි.

අතුරුගිරිය පොලීසියට මා රැගෙන ආ පසු ඔවුන් මාගේ ඇඳුම් පැළඳුම් පිරික්සූ අතර එහි ටොෆී කොලයක් හෝ නොවුණි. මා මගේ දුරකතනය ගෙන මගේ බිරිඳ මාධවී අමතා , ‘බබා හරිවැඩේනෙ වුණේ කඩේට ආපු ටිකට අයිඩී එක නෑ කියල මාව පොලීසියට අරං ආවනෙ’ කීවෙමි. අනේ එවිටත් මේවනවිට ‘දින දහ අටක් පමණක් වයසැති මගේ කිරිදරු පුතාට’ කිරිදෙමින් සිට ඇති ඈ හැරෙන තැපෑලෙන් මගේ අක්කා ද සමඟ පොලීසියට ආවා ය. ඒ රටක් හඳුනන මගේ, මේ පොලිස් මහතුන් නොදන්නා ‘අනන්‍යතා හැඳුනුම්පත ද, මගේ පාස්පෝටය’ ද රැගෙන ය. එවිට එය පෙන්වා ‘දැන් හරි නේද සර් එහෙනම් යන්න ද’ අසද්දී පොලිස් ස්ථානාධිපති කවුළුවකින් හිස හොවා මගේ බිරිඳට හේතු රහිතව නොසෑහෙන්න බැනුම් එල්ල කළේය. බිරිඳත්, මාත්, අක්කාත් තුෂ්ණිම්භූතව මුහුණට මුහුණ බලාගත්තෙමු. මාධවී පොලීසියෙන් ඇසුවේ ‘ගේ ඉස්සරහ කඩේට ගිය පලියට මගේ හස්බන්ඩ්ව මෙහෙම පොලීසියට ගෙනාව හේතුව මොකක්ද’ කියා ය. ස්ථානාධිපති ඉතා නින්දිත ආකාරයෙන් බැනුම් එල්ල කළ පසු මා ඔවුන් දුන් පුටුවක හිඳ සිටියෙමි. එවිට ඒ ආසන්නයෙන් යනෙන පොලිස් මහතුන් මදෙස බලමින් කෝචොක් දමා ‘ජැක්සන් ඇන්තනි පොරක් ද ? කවුද ඒ’ වැනි උපහාස කතා කියමින් වරින්වර ඒ මේ අත යමින් සිටියේය. මා ඒ බිඳකට පිළිතුරු නොදුන් අතර මා කියා සිටියේ ‘මම ලේඛකයෙකු බවත්, නීතිවේදියෙකු බවත්, ගේ ඉස්සරහ කඩේට යද්දී අයිඩෙන්ටිය අමතකව යාම මගේ වරදක් බවත්, නමුත් ඊට දරුණු ගනයේ අපරාධකරුවෙකුට මෙන් මට සැලකීම, බිරිඳට බැනීම ඉතා අසාධාරණ බවත්’ ය. එවිට පොලිස් නිලධාරියෙකු මට තගදැම්මේ ‘බලය පාවිච්චි කරන්න පොලීසියට පුළුවන්’ කියා ය. නමුත් වසර හතරක් නීති පීඨයේ ඉගෙනුම ලබමින් පොල් නොගෑ නිසා ‘යෙදිය යුතු අවම බලය මෙම සේයාරුවේ සඳහන් දේ’ නොවන බව මම දනිමි. අතුරුගිරිය පොලීසිය විසින් අප මානසිකවත්, මා ශාරීරිකවත් නිරපරාදේ දණ්ඩනයට ලක් කෙරුණි. මෙය හෙට ඔබට, ඔබේ දරුවාට විය හැකිය.

කෙසේ හෝ අවසානයේ මම ඊට පැය දෙක හමාරකට පමණ පසු පොලිස් රැහැනින් මිදී නිවසට පැමිණියෙමි. මගේ බිරිඳ ළඟ නොසිටි සොවින් සහ මව්කිරි අවශ්‍යතාවයෙන් පැය තුනකට ආසන්න කාලයක් එකදිගට හඬ හඬා සිට ඇති මගේ පුතා ක්ලාන්තයෙන් මෙන් සිටින්නේය. මෙතරම් දවසක් හීනෙන් හිනැහුණු මගේ පුතා මේ දැන් සිහිනෙන් එක්දිගට ඉකි ගසන්නේ ය. බිරිඳ හැඬූ කඳුළින් එකදු වරදක් හෝ නොකළ මා දෙස වරදකාරීව බලා ඉන්නී ය.

මා ජීවිතය පුරා ජාතිවාදී,ආගම්වාදී නොවුණු හීනෙකින්වත් රාජපක්ෂලාට ඡන්දය නුදුන්, මෙවර ජනාධිපතිවරණයේදී මාලිමාවටත්, මහ මැතිවරණයේදී කැටිපෙටත් මනාපය දුන් ‘නිදහස් මිනිසෙක්’මි. නමුත් මේ සිදුවූ දේ ඉතාම ජඩ ය. කැත ය. පෞද්ගලික පළිගැනීමක් ය. මාධවීගේ අප්පච්චී මේ වනවිට ජීවතුන් අතර නොමැති බැව් දන්නෝ දනිති. මිය ගිය මිනිසුන්ට අපහාස කරන්නෝ අසංස්කෘතික අශිෂ්ටයෝ ය. ජැක්සන් ඇන්තනී නම් මහා මිනිසාගේ රංගනය නිසා හෝ මහා දැනුම නිසා හෝ දවසක් හෝ සැනසුණු මිනිසුනි, මොවුන් අප දඩයම් කිරීම අරඹා ඇත්තේ ය. මගේත්,මගේ බිරිඳගේත් දෑතේ ඇත්තේ අනේ ආදරයත්, අපේ කිරිකැටියාත් පමණි.

ලොව වටා සිටින මගේ මිත්‍රවරුනි, නීතිවේදී මහත්ම මහත්මීණි, නව රජයේ සහෝදර සහෝදරියනි, පොලිස්පතිතුමනි, මිත්‍රශීලී පොලිස් මහතුනි, අගමැතිතුමියනි, ජනාධිපතිතුමනි මට ‘පොලිස් වධ හිංසාවට සහ පුද්ගල අපහාසයට විරුද්ධව’ අදාළ නෛතික පියවර සාක්ෂි සහිතව ගත හැකිය. නමුත් මා මයෙ පාඩුවේ පොතක් ලියාගෙන, කලා නිර්මාණයක් කරගෙන නිති සැහැල්ලුවෙන් ජීවත්වීමට ආසා ඇත්තෙක්මි. ‘අයිඩෙන්ටිය නැතිව ගේ ඉදිරිපිට කඩයට යාම වරදක් බව සැබවි. නමුත් ඊට දඬුවම ජැක්සන් ඇන්තනී නාමකායෙන් ඉවර වෙන්නේ කෙසේදැයි’ දේශපාලනික බව දනිමි.

අනේ අපට අපේ පාඩුවේ මේ සුන්දර රටේ ජීවත් වෙන්ට දීපියව් !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

SendShareShare
Previous Post

අපේ වැඩපිළිවෙළම ඉස්සරහට ගෙනයන නිසා ඊළඟ ඡන්දෙදි බන්දුල ගුණවර්ධන මාලිමාවට සපෝට් කරන්නයි යන්නේ! අම්මෝ…! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති මාධ්‍ය අංශයට හොරු පැනලා? ලක්ෂ 1420ක කැමරා-ලැප්ටොප් ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් අතුරුදන්! I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.