• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියට පැමිණිල්ලකුත් ඇවිත්! අම්පිටියේ සුමනරතන හිමි ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත හැකිද? I Sri Lanka Latest News

November 5, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ මිනිස්සු එක්ක ගිහින් මහවැලි අධිකාරිය වටලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්පිටියේ සුමනරතන හිමි යනු ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ආකාරයේ හැසිරීම් අවස්ථා කිහිපයකදී ම පෙන්නුම් කළ බෞද්ධ භික්ෂුවකි.Sri Lanka Latest News

සුමනරතන හිමියන් යළිත් ජනතාව අතර කතාබහට ලක්ව සිටින්නේ, පසුගිය දා මඩකලපුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියේදී ම “දකුණේ ඉන්න හැම දෙමළෙක් ම කප කපා මැරෙනවා,” යනුවෙන් කරන තර්ජනයක් හේතුවෙනි.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවෙහි සුමනරතන හිමි පවසන වචන අනුව පෙනී යන්නේ, උන් වහන්සේගේ මෑණියන්ගේ සොහොන පිහිටි සුසාන භූමිය ඩෝසර් යන්ත්‍රයකින් සකස් කර තිබීම හේතුවෙන් අදාළ ප්‍රකාශය කරන බවකි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාති හෝ ආගම් භේදයකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් දැඩි විරෝධය පළ කර තිබිණි.

ඇතැමෙකු උන් වහන්සේගේ හැසිරීම දේශපාලනික සැලැස්මක් බවට අර්ථ දක්වා තිබිණි.

සුමනරතන හිමියන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද කණස්සල්ල පළ කර තිබිණි.

මෙය ICCPR පනතේ 3 වන වගන්තිය උල්ලංඝණය කිරීමක් ද?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු වන මහාචාර්ය රොහාන් සමරජීව X සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ ප්‍රශ්න කර තිබුණේ, “මෙය ICCPR පනතේ 3 වන වගන්තිය උල්ලංඝණය කිරීමක් නොවන්නේ ද?” යනුවෙනි.

මේ අතර, මහාචාර්ය රොහාන් සමරජීවගේ සටහනට උපහාසාත්මක ප්‍රතිචාරයක් දක්වමින් @aritha නමැත්තෙකු සඳහන් කර තිබූ සටහනෙහි සිංහල පරිවර්තනය මෙසේ ය. “නෑ රොහාන්. ඒක පැහැදිලිව ම උල්ලංඝණය කිරීමක් නෙවෙයි. ඒක උල්ලංඝණයක් වෙන්නේ, ඇඳුමක් මුද්‍රණය කරල තිබුණොත්, කවියක තිබුණොත් එහෙම නැත්නම් විහිළුවක් කළොත් විතරයි. වැරදිකාරයා සිවුරක් ඇඳලා හිටියොත් ඒත් උල්ලංඝණයක් නෙවෙයි.”

මෙම අදහස මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ද පළ කර තිබිණි.

පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී ම වෙනත් ජන කොටසකට “මරණ තර්ජන එල්ල කිරීම” සම්බන්ධයෙන් අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි යන්න බොහෝ දෙනෙකු විමසන පැනයකි.

“මම දන්න විදිහට කවුරුවත් මෙතෙක් කිසි පැමිණිල්ලක් කරලා නැහැ” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බීබීසී සිංහල සේවය එම ප්‍රශ්නය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් විමසූ විට ලැබුණේ මෙවන් පිළිතුරකි.

“එතන වුණ සිද්ධිය ගැන කවුරු හරි පැමිණිලි කළොත් තමයි අපට අත්අඩංගුවට ගන්න වෙන්නේ. මම දන්න විදිහට කවුරුවත් මෙතෙක් කිසි පැමිණිල්ලක් කරලා නැහැ. ඒ නිසා අපට පැමිණිල්ලක් නැතිව අත්අඩංගුවට ගන්න බැහැ.”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ පැවසුව ද, ධනුක රනංජන කහඳගමගේ නමැති නීතිඥවරයා ඔක්තෝබර් මස 27 වන දින මහජන සහන මැදිරිය පොලිස් ස්ථානයේ CIB III 368/109 යන අංකය යටතේ අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ප්‍රකාශයට එරෙහිව පැමිණිල්ලක් කර තිබේ.

Complaint filed against Ampitiye Sumana Thero

“අම්පිටියේ හිමි අත්අඩංගුවට ගන්න කිසි ම බාධාවක් නෑ” – නීතිඥ අචලා සෙනෙවිරත්න

අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න විරෝධය පළ කළා ය.

“පැහැදිලිව ම ඒ හාමුදුරුවෝ කරන්නේ වෙනත් ජන කොටසකට මරණීය තර්ජන එල්ල කිරීමක්. ඒක වීඩියෝවේ සටහන් වෙලා තියෙනවා සාක්ෂියක් විදිහට. ඒ නිසා උන් වහන්සේ අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් අවශ්‍යත් නෑ. අනික් අතට මේ වෙනකොටත් පැමිණිල්ලක් කරලා තියෙනවා නීතිඥවරයෙක්. මට හිතා ගන්න බෑ උන් වහන්සේ නිදැල්ලේ ඉන්නේ කොහොම ද කියලා,” ඇය පැවසුවා ය.

නීතිඥ අචලා සෙනෙවිරත්න පෙන්වා දුන්නේ, “මෙම තර්ජනය” හරහා ජන කොටස් දෙකක් අතර අර්බුදක් නිර්මාණය වීමට පවා ඉඩකඩක් පවතින බව ය.

“මේ රටේ යුද්ධයක් ඇති වුණේ මේ වගේ ජාතිවාදී ප්‍රකාශ නිසා තමයි. දකුණේ ඉන්න සුළු ජන කොටසකට මාධ්‍ය හරහා මරණීය තර්ජනයක් එල්ල කිරීම බරපතළ දෙයක්. ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු යි. එහෙම නැති වුණොත් රටේ සමගියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.”

අම්පිටියේ සුමනරතන හිමියන්ගේ අතීත හැසිරීම්

Ampitiye Sumanarathana Thero
ඡායාරූප ශීර්ෂ වැකිය,2016 දෙසැම්බරයේ දී මඩකලපුවේ වැඩසටහනක් සඳහා ගමන් ගනිමින් සිටි බොදු බල සේනා සහ රාවණා බලය සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අධිකරණ නියෝගයක් අනුව එහි ළඟාවීමට අවසර නොදීමට හේතු විමසමින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු පිරිසක් නගරයේ හරස් මාර්ග ඔස්සේ පෙළපාලි යාමට ගත් උත්සාහය පොලිසිය විසින් වළකනු ලැබිණ

මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක්‍රියා කලාපය මීට පෙර අවස්ථා කිහිපයකදීම විවේචනයට බඳුන් විය.

ඒ අතරින්, 2016 වසරේදී එරාවුර් සංචාරක අධිකරණය විසින් උන්වහන්සේට වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ඉඩමකට බලහත්කාරයෙන් පිවිසීම මුල්කර ගනිමින් හටගත් මතභේදයක් හේතුවෙනි.

එම වසරේදී ම ග්‍රාම නිලධාරීවරයෙකුට බැන වැදීමේ සිදුවීමක් ද , සුමනරතන හිමියන් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ සිදුවීම් අතර විය.

2019 වසරේ අම්පිටියේ සුමනරතන හිමි නත්තල් දා අම්පාර, උහන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධිය ද දැඩි කතාබහට ලක්විය.

එම සිදුවීම මෙන්ම ‘බලහත්කාරයෙන් ආගමකට බඳවා ගැනීම’ කරන බවට පිරිසකට චෝදනා කරමින් සුමනරතන හිමියන් මංගලගමදී ප්‍රතිචාර දක්වන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයකට භාජනය විය.

“භික්ෂුවකගේ වෙමැනි හැසිරීම් බුද්ධ ධර්මයට අනුකූල නෑ” – මහාචාර්ය චන්ද්‍රාණි මුණසිංහ

“ඇලීම අත් හැරීම සහ අල්පේච්ඡතාව මූලික කර ගත් බෞද්ධ දර්ශනය ඉදිරි පරම්පරා වෙත රැගෙන යන පැවිදි හිමිනමකගෙන් මෙවැනි හැසිරීම් අපේක්ෂා කළ නොහැකි,” බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පවසයි.

ඇය පෙන්වා දෙන්නේ, “අත්හැරීම වෙනුවට භෞතික සම්පත් කෙරෙහි ආශක්ත වීම හේතුවෙන් භික්ෂූන් වෛරී හැඟීම් ඇති කර ගන්නා,” බව ය.

“මේ භික්ෂුවට පෞද්ගලිකව බලපෑව අත්දැකීමක් තියෙනවා ද කියලා දන්නේ නෑ. සමහර විට එහෙම අත්දැකීමක් තියෙන්නත් පුළුවන්. ඒ මොනවා වුණත්, වෙනත් ජන කොටස් අපහසුතාවට පත්වන විදිහේ ප්‍රකාශ පළ කිරීම අනුමත කරන්න බැහැ. තණ්හාව හිතේ පැළපදියම් වුණා ම වෛරී සිතිවිලි පහළ වෙනවා. ඒ වෛරී සිතිවිලි තමයි මේ ක්‍රියාවෙන් එළියට එන්නේ. ඇත්තට ම බුද්ධ ධර්මයේ වරදක් නෙවෙයි මේක. මේක බෞද්ධ සංස්කෘතියේ වරදක්.”

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR)

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය.

1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනිමක් ලබා දීම සිදුව තිබේ.

2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මෙරට ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නොවන මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙම පනත හරහා අපේක්ෂා කෙරේ.

මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් පහත නම් සඳහන් ලේඛකයින්, සමාජ ක්‍රියාකාරිකයින්, ප්‍රහසන ශිල්පීන් වැනි පුද්ගලයින්ගේ සිදුවීම් ප්‍රසිද්ධියට පත්වුව ද, එසේ ප්‍රසිද්ධ නොවූ තවත් අත්අඩංගුවට ගැනීම් ද තිබේ.

  • ලේඛක ශක්තික සත්කුමාර
  • රහීම් මසාහිනා‍
  • රම්සි රසීක්
  • ෆාසල් මුහම්මද් නිසාර්
  • සේපාල් අමරසිංහ
  • නාතාෂා එදිරිසූරිය

BBC සිංහල

SendShareShare
Previous Post

බඩු මිල අඩු කරනවා! පඩි වැඩි කරනවා! හොඳ අයවැයක් දෙනවා! මහින්දානන්ද කියනවා! I Sri Lanka Latest News

Next Post

පාඩු විඳගෙන මිනිස්සුන්ට කන්න දෙන්න මෙන්න මිනිස්සු! ගෑස් සීනි තෙල් වැඩිවුණා! ඒත් අපි පාන් බනිස් වැඩිකරන්නේ නෑ! බේකරි කට්ටිය කියන්නේ! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.