• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට පුළුවන්ද?

August 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත්ට පුළුවන්ද?
Share on WhatsAppShare on Facebook

වත්මන් පාර්ලිමේන්තුව සැබෑ ජනමතය නියෝජනය නොකරන විකෘති වූ එකකි. ආණ්ඩු බලය සහිත පක්ෂයේ හිටපු ජනාධිපතිවරයා රටින් පලාගොස් ඇත. ඒ ආණ්ඩුවට කිසිම ජන බලයක් නොමැති බව පෙන්වන ප්‍රබලම සාධකයයි. එම නිසා එම ආණ්ඩුවට පාර්ලිමේන්තු බලය හෙබවීමටත් සුජාත අයිතියක් නැති බව පැහැදිලිය. ආණ්ඩුවට ජනතා අප්‍රසාදය හිමිවන විට විපක්ෂය බලය ලබාගත යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයයි. විපක්ෂයට ලැබිය යුතු ආණ්ඩු බලය එයට අහිමි කළේ විශාල කුමන්ත්‍රණයක් හරහා බව පැහැදිලිය. නමුත් විපක්ෂයේ බලය පාර්ලිමේන්තුව තුළ ඉහළ ගොස් ඇත. එය භූමියේ බලය නියෝජනය වීමක් නොවිය හැකි වුවද ආසන 50ක්ව පැවැති විපක්ෂය ජනාධිපති තෝරාගැනීමේ ඡන්දයෙන් පසු 82ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ වගේම විපක්ෂෙට ඉතා තීරණාත්මක බලයක් ලබා ගැනීමට ඉදිරියේ දී උදව් විය හැකි පක්ෂ ගණනාවක් දැන් සමගි ජන බලවේගයේ නායකත්වය වටා එක් වෙමින් තිබෙන බව පෙනීයයි. සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කළ ප්‍රතිපත්තිය මුලදී විවේචනයට ලක්වුවත් දැන් එය නිවැරැදි එකක් බව පෙනීගොස් ඇත. ආණ්ඩුවේ බලය ලබාගැනීමට පොහොට්ටුව සමග සන්ධානගත වුණා නම් එය ජනතාවගේ සහ ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ලක්වීමට හේතු විය හැකිව තිබිණි. අද, රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සිරකරුවෙකුගේ තත්ත්වයට පත්ව ඇත. ඔහු රාජපක්ෂලාගේ ආරක්ෂකයා බවට පත්වී ඇත. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරමින්, විපක්ෂය යෝජනා කළ සර්වපාක්ෂික ආණ්ඩුවට පයින් ගසා රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවට නැවත බලය ලබා දී ඇත. මෙය ජනතාවගේ මතයට එරෙහි එකකි. ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නොලැබෙන අතර එය රාජපක්ෂලා ආරක්ෂා කිරීමට පමණක් හැදුණු එකකි.

විපක්ෂ නායකතුමා ක්‍රියාත්මක වූ ආකාරය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට විශාල ආදර්ශයකි. පළමුව ඔහු රාජපක්ෂලා යටතේ අගමැති වීම ප්‍රතික්ෂේප කළේ එය ජනතාවගේ අරගලයට ද්‍රෝහි ක්‍රියාවක් විය හැකි වූ නිසාය. ජනතාවට ද්‍රෝහිවී බලය ලබාගැනීම නිසා දිගින් දිගටම මෙරට දේශපාලන අර්බුදය තීව්‍ර කිරීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියා කොට ඇත. හෙට දවසේ මෙරට ඇතිවන සියලු අර්බුදවලට හේතුව ජන මතයක් නොමැති ආණ්ඩුවක් විවිධ අක්‍රමිකතා හරහා බලයට පැමිණීමයි. මුදල් ගෙවා මන්ත්‍රීවරු ලබාගෙන ආණ්ඩු හදන ක්‍රමයට සජිත් ප්‍රේමදාස විරුද්ධ වීම අගය කළයුතු ගුණාංගයකි. මෙරට ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය තවදුරත් ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම අනාගත පරපුරට මේ රටේ ජීවත්වීම එපාකරවීමට හේතුවකි. එමනිසා බලයට වඩා සදාචාරය අගය කරන විපක්ෂ නායකවරයෙක් සිටීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයට ඉතා වැදගත් බලාපොරොත්තුවක් එක්කරන සාධකයකි.

අතීතයේ සිටම බොහෝ නායකයන් ඔළුගෙඩි මාරුවෙන්, සල්ලිවලට මන්ත්‍රීවරු බිලීබා ගැනීමෙන් බලය තහවුරු කරගැනීමට පෙලඹීම නිසා අපේ රටේ දේශපාලන සංස්කෘතිය දිගින් දිගටම පිරිහිණි. ඊට උදාහරණ ඕනෑ තරම් ඇත. 2007 මංගල සමරවීර, ශ්‍රීපති සූරියආරච්චි සහ අනුර බණ්ඩාරනායක මහින්දගේ ආණ්ඩුවෙන් එළියට ආ විට 2008 අයවැය පරාජය කරන්න එකල විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. නායක රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කිරීමට ගියේද අද ඔහු බලය ලබාගැනීමට අනුගමනය කළ පිළිවෙතමය. නමුත් ජවිපෙ මන්ත්‍රීවරු 39 සහ අනෙකුත් පක්ෂවල සහාය ඒ මොහොතේ මංගල සමරවීර මහතා පොරොන්දු වූ ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතාට නොලැබීම නිසා එකල රාජපක්ෂ ආණ්ඩුව අයවැයෙන් පරාජය වූයේ නැත. කුමන ආණ්ඩුවක් හෝ හැදීම හෝ පෙරළීමට පාර්ලිමේන්තුවට අයිතියක් තිබුණත්, එය දූෂිත ආකාරයෙන් කරන විට පිරිහෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන සංස්කෘතියයි. රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් ඕනෑම අයෙක් නොකළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමයි. එය කිසිසේත්ම ජනතාවගේ සහ රටේ යහපතට හේතු නොවන දෙයකි.

ලංකාවේ පාර්ලිමේන්තුවේ හරහා ආණ්ඩු ක්‍රීඩාව අප හිතන තරම්ම සරල දෙයක්ද නොවේ. එයට විශාල මුදල් බලයක් හා විවිධ කූට උපක්‍රම අවශ්‍ය වෙයි. දේශපාලනය කියන්නේ නරක දෙයක් විතරයි කියල හිතන අයට එවැනි දේ කිරීමේ අපහසුවක් නොමැති බව පෙනීයයි. මෙවරද ජන වරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩිකිරීමට පොහොට්ටුවේ මහමොළකරුවන් විශාල ක්‍රියාන්විතයක් දියත් කළ බව පැහැදිලිය. සරල අංක ගණිතයට අනුව පාර්ලිමේන්තුවේ සමස්ත විපක්ෂයටම ඇත්තේ ආණ්ඩුවට ඇති ආසන ප්‍රමාණයෙන් අඩකටත් අඩු ප්‍රමාණයකි. එම නිසා ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහාය ලැබෙන්නේ නම් තුනෙන් දෙකේ බලයක් ලබාගැනීමට පවා හැකියාව තිබේ. මුලදී ආණ්ඩුවට 155කට වඩා මන්ත්‍රී ඡන්ද තිබිණි. ඒ සියල්ල පොහොට්ටුවේ මන්ත්‍රී ඡන්ද විය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිද්දී මන්ත්‍රීවරු 156ක් 20ට පක්ෂව ඡන්දය දුන්හ. විපක්ෂයට ලැබුණේ (දෙමළ ජාතික සන්ධානයත් එක්ව) ඡන්ද 65කි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන ඡන්දයේ පොහොට්ටුවට ගතහැකි වූයේ ඡන්ද 134කි. විශේෂයෙන්ම මෙහිදී රනිල්ට නැවත ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන්ගේ සහාය නොලැබුණු බවද සඳහන් කළ යුතුය. එසේම මුස්ලිම් මන්ත්‍රී හකීම්ගේ සහායද වික්‍රමසිංහට නොලැබිණි. පොහොට්ටුවට දිනාගත හැකිවූ පැහැදිලි සුළු ජන පක්ෂ සහාය ලැබුණේ තොණ්ඩමන් මහතාගේ පක්ෂයෙන් පමණකි. ඒ සඳහා බලපෑ හැකි විවිධ සාධක තිබිය හැකිය. මන්ද තොණ්ඩමන් මහතා මෙම ඡන්දයට පෙර ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට පැමිණ තිබූ නිසාය. කෙසේමුත් පාර්ලිමේන්තුවේ බලය හරහා වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම පොහොට්ටුවටම එල්ලවූ දේශපාලන පරාවළලක් බව පෙනේ. නමුත් සදාචාර විරෝධී, ජනතා විරෝධී බලයක් ආරක්ෂා කිරීමට යෑම නිසා වික්‍රමසිංහ ආණ්ඩුව සීග්‍රයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමේ අනතුර පවතී. අනෙක් අතට සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගැනීම හා ඩලස් අලහප්පෙරුම සමග ‘සම්මුතික’ එකඟතාවක් ඇතිකර ගැනීම පොහොට්ටුව ලැබූ විශාල පරාජයකි. පොහොට්ටුව තුළ සිටින ප්‍රබලයන් පිරිසක් හා විශාල ස්වාධීන කණ්ඩායමක් ඩලස් හරහා අද විපක්ෂයට පැමිණ ඇත්තේ, මෙම ජනාධිපති තේරීම තුළ පැවැති දූෂිතභාවයට විරෝධය පළකිරීමට සහ ඉදිරියේදී දූෂණයට එරෙහිව විශාල බලයක් ගොඩනැගීමට විය හැකිය. දූෂිත තත්ත්වයන් දිගින් දිගටම ආරක්ෂා කිරීමට නොහැකි බව බොහෝ මන්ත්‍රීවරු තේරුම් ගැනීමම විශාල දේශපාලන පරිවර්තනයක ආරම්භයක් විය හැකිය.

විපක්ෂ නායකයා ‘සර්වපාක්ෂික’ කියන විට විපක්ෂයේ එක ආසනයක් පමණක් හිමි පක්ෂයක් පොහොට්ටුව සමග එකතු වීම නැවත විශාල ඒකාධිපති ආණ්ඩු බලයක් පමණක් ඉතිරි කර දීමට හේතුවන දෙයකි. සජිත් ප්‍රේමදාස තනිව තරග කළේ නම් විපක්ෂය ශක්තිමත් වන්නේ නැත. ඔහු අනුගමනය කළ උපාය සාර්ථක වන්නේ ඒ හරහා විපක්ෂයේ සන්ධානය පුළුල් වීම නිසාය. කෙසේමුත් සජිත් ප්‍රේමදාස තනිව තරග කරන්නට තීරණය කළ විට රනිල් වික්‍රමසිංහට මන්ත්‍රීවරු 90ක්, ඩලස්ට 69ක් සහ සජිත්ට 62ක් වැනි තත්ත්වයක් පැවැතිණි. එම නිසා සජිත් හා ඩලස් එක්වීම හරහා රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පහසුවෙන් පරාජය වීමේ තත්ත්වයක් මුලදී පැවැතිණි. එය අරගලය විසින්ද යම් පමණකට අපේක්ෂා කළ ජයග්‍රහණයකි. කෙසේමුත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඩලස් මහතාට ලබාදීමට පොරොන්දු වූ සම්පුර්ණ සහායම ලබා නොදීම නිසා තත්ත්වය වෙනස් විය. මෙම පසුබිමේ සහර විට මුදල් බලය ජන මතයට වඩා ශක්තිමත් වුණා වන්නට ද පුළුවන. මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කොට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් කරා ගෙන යෑමට තිබූ අවස්ථාවක් බලලෝභය සහ දූෂණය නිසා අද නැතිවී ගොස් ඇත. නමුත් ජනතාව මෙම ආණ්ඩුවට ලබා දෙන පිළිගැනීම ගැන කිසිම තහවුරුවක් නැත. එසේම ජාත්‍යන්තරව ඉන්දියාව හෝ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පිළිගැනීම මෙම ආණ්ඩුවට හරියාකාරව තවම ලැබී නැත. එයට හේතුව වික්‍රමසිංහ වටා ඇති බලය ජනතාව ප්‍රතික්ෂේප කළ බලයක් වීමය. රටකට විධිමත් විගණන ක්‍රමයක්, දූෂණ විරෝධී ආයතනයක්, නීතියේ පාලනයක් හදාගන්නට මෙම දූෂිත බලය බාධාවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දෙන්නේ දූෂණයට විරුද්ධ ආණ්ඩුවකට මිස පක්ෂයකට නොවේ. සජිත් ප්‍රේමදාස තමන්ගේ ජනාධිපති ධුරය කැප කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමට උත්සාහ කළේ මෙම තත්ත්වය දැනගෙන බව පැහැදිලිය. නමුත් දූෂිත බලය එයට විරුද්ධව ඒකාධිපති මාවත දෙසට රට තල්ලු කොට තිබේ. සාමකාමී අරගලය විනාශ කිරීම එහි පළමු පියවරයි.

දෛනිකව ඉහළ යන ජීවන බර හමුවේ ජනතාවට කඩිනම් සහන අවශ්‍ය කොට තිබේ. නමුත් ඒ පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැතිව ජනතාවට එපා වූ ආණ්ඩුවක්ම නැවත ව්‍යවස්ථාවේ දුර්වලතාවන් හා කුමන්ත්‍රණ හරහා බලයට පැමිණීම රටේ දේශපාලන ස්ථාවරභාවයට විශාල හානියකි. දිගින් දිගටම හමුදාව යොදාගෙන රටක් පාලනය කළ නොහැක. ඉදිරියේදී ජනාධිපතිවරයාට, හිටපු ජනාධිපතිවරයාට මෙන් හමුදා කඳවුරක සිට රට පාලනය කිරීමට සිදුවනු ඇත. ජනතාවාදී විපක්ෂයක් ලෙස මේ මොහොතේ විපක්ෂ නායකවරයා හා ඔහුගේ සන්ධානයට රට අරාජිකත්වයට ගමන් කිරීම වැළක්වීම සඳහා විශාල ක්‍රියාන්විතයක් දියත් කළ යුතුව තිබේ. එය අයථා ක්‍රම හරහා බලය රැකගන්නවාට වඩා අමාරු දෙයකි. නමුත් අනාගතය සඳහා එම ශක්තිමත් විපක්ෂ බලය පිරිසිදු ප්‍රතිපත්ති මත නිර්මාණය කරගැනීම අපට අවශ්‍ය වෙයි.

ආචාර්ය අතුලසිරි සමරකෝන්
දේශපාලනය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

SendShareShare
Previous Post

අරගලවලින් පසු බලයට ආපු නායකයෝ අද ඉන්නේ කොහේද?

Next Post

අද මහා ග්‍රහ යුද්ධයක්! ලංකාව ඇතුළෙ වෙන්න යන පෙරළිය මොකක්ද? (VIDEO)

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.