රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවය.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
ඔහු රත්මලාන අරලිය නිවාස හි පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබේ.
මියගොස් ඇති පුද්ගලයා වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ පිහිටි කුකුළු මස් අලෙවිසැලේ සේවයේ නිරතව සිටියදී මෙලෙස වෙඩිප්‍රහාරයට ලක්ව ඇත.
මෘත දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.