• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

BYD බදු වංගුව කැසිනෝ බද්ද සහ ආර්ථික ඔස්තාර්ලාගේ බුදියගැනිල්ල! Sri Lanka Latest News

August 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
BYD බදු වංගුව කැසිනෝ බද්ද සහ ආර්ථික ඔස්තාර්ලාගේ බුදියගැනිල්ල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බදු ගණනය කිරීම සඳහා භාවිත කරන මෝටර් ධාරිතාව ප්‍රකාශයට පත්කිරීමේ ගැටලුවක් හේතුවෙන් මෙරටට ගෙන්වන ලද තොග හයකින් යුත් චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000ක් පමණ ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසා ඇත්තේ, මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් වැඩි යමක් ප්‍රකාශ කළ නොහැකි බවත්, කිව හැක්කේ BYD මෝටර් රථ තොගයක් සම්බන්ධයෙන් රේගු පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පමණක් බවත්ය.

රේගුවට කිලෝවොට් 100ක මෝටර් ධාරිතාවක් ඇති බව පවසමින් ආනයනය කර ඇති මෝටර් රථයක් තුළ කිලෝ වොට් 150ක ධාරිතාවක් ඇති මෝටරයක් ඇති බවට වන සැකය මත මේ මෝටර් රථ මුදාහැරීම අත්හිටුවා ඇති බව පැවැසේ. කිලෝවොට් 100ක මෝටර් වාහනයක් සඳහා බදු ලෙස රුපියල් මිලියන 2.4ක බද්දක් රේගුව අයකරගන්නා අතර එය කිලෝ වොට් 150ක් වුවහොත් රුපියල් මිලියන 5.4ක් පමණ දක්වා ඉහළ යයි.

මෙසේ අත්හිටුවා ඇති BYD වාහන තොගය තොග හයකින් පැමිණ මෙම මාසයේ වෙනස් දින දෙකකදී ශ්‍රී ලංකාවට ළඟාවූ ඒවා බවද පැවැසේ.

සාම්ප්‍රදායික පිස්ටන් එන්ජින් මෝටර් රථ, එකම මාදිලිය විවිධ ප්‍රමාණයේ එන්ජින්වලින් පැමිණීම සිරිතකි. උදාහරණයක් ලෙස සමහර මධ්‍යම ප්‍රමාණයේ පෙට්‍රල් මෝටර් රථවල එකම මාදිලිය 1300ජජ, 1500CC සහ 1800CC එන්ජින්වලින් පවා පැමිණීමට හැකියාව තිබේ.

කෙසේ වුවද, විදුලි මෝටරයක ප්‍රතිදානය නිෂ්පාදකයා විසින් සීමිත හෝ අවතක්සේරු කර තිබේද යන්න පිළිබඳ රේගුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, භෞතිකව අදාළ මෝටර් රථවල මෝටරය එක හා සමාන බවද වාර්තා වේ.

● මෙසේ ගෙන්වන ලද මෝටර් රථ 1000කට අධික ප්‍රමාණයක් මේවන විටත් ජෝන් කීල්ස් සීජී ඔටෝ (JKCG Auto) විසින් පාරිභෝගිකයන්ට ලබාදී ඇති බව වාර්තා වේ.
● එසේම දැනටමත් වාහන 1000කට වඩා අවසාන පරිශීලකයන්ට නිකුත් කර ඇති බවද වාර්තා වේ.

● BYD එහි Atto 3 මාදිලියේ කිලෝ වොට් 100 මෝටර් රථ මාදිලියක් සමහර වෙළෙඳපළවල අලෙවි කරන බවද පැවසේ.
● එසේම අදාළ මෝටර් රථය කිලෝ වොට් 150 ධාරිතාව සහිත මෝටරයක් ඇති මෝටර් රථයක්ද අලෙවි වන බවද වාර්තා වේ.

සිංගප්පූරුවේ BYD සමාගමේ වෙබ් අඩවියට අනුව, සිංගප්පූරුවේ A කාණ්ඩයේ හිමිකම් සහතිකයක් ලෙස හඳුන්වන දෙයට අනුකූල වන පරිදි කිලෝවොට් 100 ශ්‍රේණිගත මෝටරයක් සහිත Atto 3 මාදිලියක් අලෙවි කරයි.

මෙම මෝටර් රථ ගෙන්වීමේ නිල ආනයනකරුවා වන්නේ ජෝන් කීල්ස් සීජී ඔටෝ (JKCG Auto) ආයතනයයි.

මේ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබිණි. කෙසේ වෙතත් මුජිබර් රහුමාන් මහතා ජෝන් කීල්ස් ආයතනය මගින් ආනයනය කර BYD වාහන සම්බන්ධයෙන් මෙසේ හෙළිකරද්දී විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු හෝ විපක්ෂයේ සිටින ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගන්නා කිසිවකුත් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීම පුදුමසහගතය.

පසුගිය කාලයේදී මේ ආර්ථික ඔස්තාර්ලා මේ අයුරින් අවස්ථා කිහිපයකදීම කිසිවක් ප්‍රකාශ නොකර නිහඬව සිටි සිදුවීම් කිහිපයක්ම තිබිණි.
කොළඹ තරු පහේ සිටි ඔෆ් ඩී්‍රම් හෝටලයේ කැසිනෝ ක්‍රීඩා ආරම්භ කරද්දී හෝ අදාළ කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීමේදී 45%ක ආදායම් බදු ප්‍රතිශතයන් පැනවූයේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී මෙම ආර්ථික ඔස්තාර්ලා වචනයක් හෝ කතාකොට තිබුණේ නැත. එමෙන්ම ලංකාවට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කිරීමේදී ගෙවිය යුතු බදු පැහැර ඇති බවට ප්‍රධාන පෙළේ සමාගම් 3කට චෝදනා එල්ල වෙද්දී මෙම ආර්ථික ඔස්තාර්ලා නිහඬව සිටියහ.

මෙම බදු වංචාවන් එසේ මෙසේ ඒවා නොවන බවත්, ඉන් රටට අහිමි වූ මුදල බිලියන ගණනක් බවත් එස්.එම්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පමණක් පාර්ලිමේන්තුවේදී අනාවරණ කොට තිබිණි.

ඒ වෙනුවට ඔවුන් පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ සමයේදී අස්සන් කොට අත්හැර දැමූ ෆෝට්‍රස් එනර්ජිLNG ව්‍යාපෘතිය නැවත ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විවිධ පිරිස් සමග සාකච්ඡා කොට ඇති බව වාර්තා විය. එම සාකච්ඡාවලට දැනට පාර්ලිමේන්තුවේ නැති එජාපයේ ප්‍රබලයන් දෙදෙනකුද සහභාගි වී සිටි බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.

මීට අමතරව තමන්ට හිතවත් සමාගම් සම්බන්ධයෙන් පමණක් මෙම ආර්ථික ඔස්තාර්ලා පෙනී සිටින බවට විශාල චෝදනාවක්ද මේ වනවිට එල්ල වී තිබේ.

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සදහා FITIS උපාය මාර්ගික සැලැස්ම දියත් කරයි! Sri Lanka Latest News

Next Post

ආවා තිබ්බා ගියා! ලංකාවේ දැන් මේවා කජු කනවා වගේ වැඩ! බංකු බංකු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.