ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ හෙළකට පෙරළී යාමෙන් සිදුවූ බස් රථ අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News
තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.
පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් ය.
මෙම බස් රථය අඩි 500කට ආසන්න ප්‍රපාතයකට පෙරළී ඇතැයි සඳහන්.
මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව කඹ ආධාරයෙන් ප්‍රපාතයට පෙරළී ගිය බස් රථය ආසන්නයට ළඟා වෙමින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යොමු කරමින් පවතින බවද වාර්තා වෙනවා.
මැදියම් රැය ඉක්ම යමින් තිබෙනවිට ප්‍රපාතයේ සිට කඹ ආධාරයෙන් මංපෙත් තුනක් හරහා විපතට පත්වූවන් ගොඩට ගෙන ඒමට ආරක්ෂක අංශ හා ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටියා.
බස් රථය ප්‍රපාතයට පෙරළී යාමත් සමග ඒ තුල සිටි පිරිස බසයෙන් විසි වී ගොස් කැලෑ පඳුරු අතරේ තැනින් තැන වැටී සිට ඇති බවද වාර්තා වෙනවා.
යුද හමුදා සාමාජිකයින් ඇතුළු ආරක්ෂක අංශවල විශාල පිරිසක් එම ස්ථානයට ගොස් තිබෙනවා.
පොලිසිය, පොලිස් විශේෂ කාර්‍ය බලකාය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් අනතුරින් හානියට පත් පිරිස් බේරා ගැනීම සඳහා කටයුතු කරන අයුරු දක්නට ලැබෙනවා.
ඊයේ (04) රාත්‍රියේ මෙම බස් රථ අනතුරුව සිදුව ඇත්තේ ඇල්ල – වැල්ලවාය, රාවණා ඇල්ල අසල 24 කනුව ආසන්නයේ බව වාර්තා වෙනවා.
ප්‍රපාතයට පෙරළී ඇති බස් රථය, මීටර 500ක් පමණ පහළට ඇදී පෙරළී ගොස් ඇති බවද සඳහන්.
විනෝද චාරිකාවක් සඳහා තංගල්ලේ සිට ඇල්ල බලා පැමිණි තංගල්ල නගර සභා සේවක පිරිසක්, යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.
මෙම චාරිකාවට 36 දෙනෙකු එක්ව සිටි බවද සඳහන්.
මෙම අනතුරින් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා තොරතුරු වාර්තා වී නෑ.









