2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුණි.
එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය.
එහිදී වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.
අද දිනයේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගනු ලැබීය.
එහිදී උදෑසන 10.00ට විවාදය ආරම්භ වූ අතර පස්වරු 6.00ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම සිදුකෙරුණි.
මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව දින 07 කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර පෙබරවාරි 25වන දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදි අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46 පමණයි.










